English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


වර්ෂ 2005 ජනාධිපතිවරණයේ ඡන්ද හිමි නාමලේඛනයේ ගෝඨා ඇතුළු එක්සත් ජනපද පුරවැසියන්ගේ නම් - නීතිමය පසුබිම


වර්ෂ 2005 ජනාධිපතිවරණයේ ඡන්ද හිමි නාමලේඛනයේ ගෝඨා ඇතුළු එක්සත් ජනපද පුරවැසියන්ගේ නම් - නීතිමය පසුබිම

වර්ෂ 2005ට පෙර ශ්‍රී ලංකා පුරවැසිභාවය අත්හරිමින් එක්සත් ජනපද පුරවැසිභාවය ලබා ගත් දේශප්‍රේමීන් කිහිප දෙනෙකුගේ නම් වර්ෂ 2005 ඡන්ද හිමි නාම ලේඛනයේ ඇතුළත් වී ඇති බවට අනාවරණය වී තිබෙයි. මෙලෙස මුල්කිරිගල කොට්ඨාශයට අදාළ ඡන්ද හිමි නාම ලේඛනයේ ඇතුළත් වී තිබෙන්නේ හිටපු ආරක්ෂක ලේකම් වර්තමානයේ පොදු ජන පෙරමුණේ ජනාධීපති අපේක්ෂකයා වී සිටින ගෝඨාභය රාජපක්ෂ, ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්ෂ, ඔහුගේ බිරිඳ පුෂ්පා රාජපක්ෂ හා ඩඩ්ලි රාජපක්ෂ යන අයගේ නම් වෙයි.

මෙම නම් ඇතුළත් කිරීමට හැකියාව ඇත්තේ නිවසේ ගෘහ මූලිකයාට වන අතර මෙම නිවසේ ගෘහ මූලිකයා ලෙස කටයුතු කර ඇත්තේ හිටපු කතානායක චමල් රාජපක්ෂයි. ගෘහ මූලිකයා ඡන්ද හිමියන් නාමලේඛනයට ඇතුළත් කිරීමට අදාළ පෝරම පුරවද්දී මේ සියල්ල සත්‍ය බවට සහතික කල යුතුය.

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයකු වීමට නම් ඔහු හෝ ඇය අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ පුරවැසියකු විය යුතුයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 ()  ව්‍යවස්ථාවේ පැහැදිලිව දැක්වෙන්නේ මෙසේයි.

යම්කිසි තැනැත්තෙක් ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නොවේ නම් ඒ තැනැත්තා ජනාධිපතිවරයා තෝරා පත් කිරීමේ ඡන්ද විමසීමකදී හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත් කිරීමේ මැතිවරණයකදී හෝ ඡන්ද හිමියකු වීමට හෝ ජනමත විචාරණයකදී ඡන්දය දීමට සුදුස්සෙක් නොවන්නේය.

මේ අනුව පැහැදිලිවම පෙනී යන්නේ වර්ෂ 2005 ඡන්ද හිමි ලේඛනයේ ඉහත කී නම් ඇතුලත් කිරීමට කටයුතු කල ගෘහ මූලිකයා හා ඊට සම්බන්ධ අනෙක් අයද සිය නාමයන් ඇතුළත් කරගත් පුදගලයන්ද දැන දැනම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ලිඛිත පැමිණිල්ලත් මේ වන විටත් මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ මහතා විසින් මැතිවරණ කොමිසමට ඉදිරිපත් කර ඇත.

ඒ අනුව පැහැදිලිව පෙනෙන්නේ වර්තමානයේ විනයානුකූල හා අවංක රටක් ගොඩ නගනවා යැයි කියන ජනාධිපති අපේක්ෂකයා බරපතළ ගණයේ වංක චේතනාවකින් කටයුතු කර ඇති බවයි.

අපට දැනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතනාන්විතව උල්ලංඝනය කල ජනාධීපතිවරයකු සිටින අතර දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වංක ලෙස උල්ලංඝනය කල ජනාධීපති අපේක්ෂකයකුද සිටියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුරැකීමේ වගකීම සහිත ජනාධිපතිධූරයට දැනටමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කල අයෙක් ගැළපෙන්නේදැයි ජනතාව සිතා බැලිය යුතුය.

-නීතිඥ දුලාන් දසනායක-




2019-08-20
Advertisement

Find us on Facebook