English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


සමාජයක් ලෙස ඉදිරියට යාමට නම් දේශපාලඥයාගේ අත්වලට යා නොදි අපේ ඉතිහාසය අපි ලිවිය යුතුයි.


සමාජයක් ලෙස ඉදිරියට යාමට නම් දේශපාලඥයාගේ අත්වලට යා නොදි අපේ ඉතිහාසය අපි ලිවිය යුතුයි. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි සුනන්ද දේශප්‍රිය

සමාජයක් ලෙස ඉදිරියට යාමට නම් අපේ ඉතිහාසය දේශපාලඥයාගේ අත්වලට යා නොදි මහජනතාවගේ අත් වලට ගෙන අපේ ඉතිහාසය අපි ලිවිය යුතු වන්නේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ඇති වන විදිහට බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි සුනන්ද දේශප්‍රිය මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ ඉකුත්දා හම්බන්තොට, නෝනාගම සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් සම්බන්ධව පැවති මන්ත්‍රණ සභාවට එක් වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක් වු සුනන්ද දේශප්‍රිය මහතා මෙසේද පැවසුවේය.

පහුගිය කාලේ සහරාන් තවත් අට දෙනෙක් සමග එක් වෙලා 258 කු ඝාතනය කළා. මේක කළේ පොඩි කණ්ඩායමක්. 1988-1989 ගණන් වල ජෙ.වී.පී එකත් ප්‍රචණ්ඩ කටයුතු කළා. ආණ්ඩුවත් කළා. මේ සිංහලයෝ ඔක්කොම ප්‍රචණ්ඩයි, ඒ නිසා ඔවුන් ඔක්කොම හම්බන්තොට මුහුදෙන් එහාට දාන්න ඕනේ කියලා අපි එතකොට කිව්වේ නැහැ. ජෙ.වී.පී කළේ ඒ සංවිධානයේ කණ්ඩායම. අපි ඒවා සමාජයකට පැටලුවේ නැහැනේ. පහුගිය දවසක මට හම්බ වුණ මුස්ලිම් ජනමාධ්‍යවේදීන් පිරිසක් කිව්වේ සහරාන් බෝම්බ ගැහුවේ එයාලට නෙමේ, අපිටයි ගැහුවේ කියලා. මොකද? මුස්ලිම් මිනිස්සු ඔක්කොම ජිවත් වෙන්නේ දැන් බයෙන්. ඒ බය නිසා මේ නිදහසේ ජිවත් වීමේ අයිතිය උල්ලංඝනය වෙලා තියෙනවා. අපිත් බයෙන් හිටියා කාලේක. යුද්ධය තිබුණ කාලේ කොළඹ ඉන්න අපි ළමයි පාසල් වලට යැව්වේ බයෙන්. බස් වල ගියේ බයෙන්. ඒ වගේ විවිධ තත්ත්වයන් යටතේ සිංහල සමාජය බයෙන් ජිවත් වෙලා තියෙනවා. දෙමළ සමාජය බයෙන් ජිවත් වෙලා තියෙනවා. අද තවත් සමාජයක් බයෙන් ජිවත් වෙලා ඉන්නවා. ඒ වගේම මේ සමාජයේ එකිනෙකා තුල විශ්වාසයක් නැහැ. එහෙම සමාජයක නිදහසක්, මානව හිමිකමක්, ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන්න පුලුවන්ද? කියන එක අපි අපෙන්ම විමසිය යුතුයි. අපි මේ රටේම ජීවත් වෙන්න යනවනම් කොහොමද බය නැතුව ජිවත් වෙන්නේ.

තව මාස දෙකකින් අපි ඡන්දයට යනවා. ඔයාලා හැම පක්ෂයකටම ඡන්දය දෙයි. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ සමාජ ප්‍රශ්නය දඩමීමා කරගෙන සමාජය දෙකට බෙදලා ඡන්දයක් තියන්න එපා කියන්න අපට පුලුවන්කම තියෙන්න ඕනේ. එහෙම නොවුනොත් අපි වගේම මේ රටත් අනතුරක ඉන්නේ. ඉන්න හිතෙන රටක් හදන්න ඕනේ කිව්වට ඉන්න හිතෙන්නේ නැති රටක්නේ තියෙන්නේ. මේක අපි ඉපදුන රට, මැරෙන රට. ජාතීන් අතර අනෝන්‍ය අවබෝධය ඇතිවිම මෙහිදි ඉතාම වැදගත්. සිංහල,දෙමළ ,මුස්ලිම් කියන තුන්ගොල්ලටම ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රශ්න අපි විවෘතව කථා කරන දේශපාලන වටපිටාවක් හැදුනේ නැත්නම් එකිනෙකාට විරුද්ධව ඇඟිලි දිගු කරන්නේ නැතුව එකිනෙකාව තේරුම් ගන්න පුලුවන් සමාජයක් හදාගන්න බැරිනම් මේ එළැඹෙන වාතාවරණයේ, මාස දෙකේ වෙන්නේ මේක තවත් බෙදෙන එකනම් අපේ රටට අබ සරණයි.

-ශානිකා මාධවී-





2019-08-20
Advertisement

Find us on Facebook