English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ජනාධිපතිවරණයේ දී ජවිපෙ අපේක්ෂකයා තීරණාත්මකයි


ජනාධිපතිවරණය සදහා ජනතා විමුක්ති පෙරමුණ විසින් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරිම තුලින් ජනාධිපතිවරණයේ අවසාන විනිශ්චයට තීරණාත්මක බලපෑමක් කරවනු ඇතැයි පුරවැසි බලයේ සම කැදවුම්කරු, සමාජ විශ්ලේෂක ගාමිනී වියන්ගොඩ මහතා පවසයි.

මෙවර ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණෙන් අපේක්ෂකයෙකු තෝරා පත් කර ගැනිම පිලිබද සිය අදහස් ප‍්‍රකාශ කරමින් ඔහු එසේ පැවසිය. වැඩි දුරටත් ඒ සම්බන්ධව කරුණු දක්වමින් ඔහු කියා සිටියේ, සාමාන්‍යයෙන් ප‍්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයෝ දෙදෙනෙක් පමණක් ඉදිරිපත් වන ජනාධිපතිවරණයට තිදෙනෙක් එක්වීම ඊට හේතු ලෙස සදහන් කළ හැකි බවයි.
 
ප‍්‍රධාන පක්ෂ වල අපේක්ෂකයින් දෙදෙනාගේ ඡුන්ද කොටසක් ජනතා විමුක්ති පෙරමුණේ අපෙක්ෂකයාට බෙදි යාම නිසා එය ප‍්‍රධාන පක්ෂ දෙකටම විශාල බලපෑම් කරවන බවයි. අපගේ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණයේදි ජයග‍්‍රහණය කළ තැනැත්තා ලෙස සලකනු ලබන්නේ ඒ පාවිච්චි කළ මුලූ ඡන්ද සංඛ්‍යාවෙන්  සියයට පනහට එකක් හෝ වැඩියෙන් ඡන්දය ලබා ගත් තැනැත්තාය. නමුත් මේ ඡන්දයේ දී පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පෙරමුණ හා ජනතා විමුක්ති පෙරමුණ යන පක්ෂ තුනටම ඡන්ද කැඩිලා ගියහොත් ප‍්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයන් දෙදෙනාට සියයට පනහක් ඉක්ම වීමට බොහෝ විට ඉඩ නොලැබේ.  

කිසියම් අපේක්ෂකයෙකුට සියයට පනහ ඉක්මවීමට නොහැකි වූ අස්ථාවක දෙවැනි මනාපය ගණනය කළ යුතු බවට අප ව්‍යවස්ථාවේ සදහන් ව තිබුනත් එවැනි පුරුද්දක් අප ඡන්ද දායකයන්ට නොමැති වීම නිසා එවැනි අවස්ථාවක දී විශාල ගැටලූවකට මුහුණ දීමට සිදු විය හැකි බව ද ඔහු පැවසීය.

එම නිසා මෙවර මැතිවරණයේ දී දෙවැනි මනාපය ඉතා වදගත් සාධකයන් වන බැවින් ඒ පිළිබදව ඡන්ද දායකයින් දැනුවත් කිරීමත්, සෑම ඡන්දදායකයෙකුම තමන්ගේ ප‍්‍රධාන අපෙක්ෂකයාගේ නමට පලමු මනාපයත් තවත් කෙනෙකුට දෙවැනි මනාපයත් ලබා දිමේ පුරුද්දකුත් ඇති කර ගත යුතුව ඇත.

ජනතා විමුක්ති පෙරමුණ 2015 දි මහින්ද රාජපක්ෂ ඇතුලූ ඒ දුර්දාන්ත පාලනය වෙනස් කිරිමට පෙරමුණ ගත් ප‍්‍රධාන බලවේගයක් බැවින් ඔවුන්ට ඡන්දය පාවිච්චි කරන ඡුන්ද දායකයා තමන්ගේ දෙවැනි මනාපය ගෝඨාභය හෝ එම කදවුරෙන් ඉදිරිපත් වන අපේක්ෂකයෙකුට පාවිච්චි නොකරාවි කියා තමා කල්පනා කරන බවත් පැවසීය.

කෙසේ නමුදු මෙවර ජනාධිපතිවරණය කුමන ආකාරයකට බලපානු ඇත්දැයි නිශ්චිතව කිව නොහැකි නමුත්, යහපාලන රජයේ සමහර කි‍්‍රයාකාරීත්වයන් නිසා ඇති වූ කළකිරීම්, අපේක්ෂා භංගත්වයන් නිසා ජනතා විමුක්ති පෙරමුණට යන ඡන්ද බොහෝමයක් යන්නේ රාජපක්ෂ විරෝධි කදවුරේ ඡන්ද නිසා එය අනෙක් අපේක්ෂකයායට විශාල බලපෑමක් විය හැකි බවත් පැවසීය.

ශානිකා මාධවී




2019-08-19
Advertisement

Find us on Facebook