English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ප‍්‍රධාන අපරාධ 6ක් සම්බන්ධව CID වාර්තා වහාම ඉල්ලයි


සමාජ ආන්දෝලනයට ලක් කල ප‍්‍රධාන විමර්ශන 05 ක කරුණු රැසක් පිලිබද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් වැඩ බලන පොලිස්පතිවරයා විසින් ඊයේ (18) දින වාර්තාවක් කැදවා තිබේ.

රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන් ඝාතන සිද්ධිය, මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතන සිද්ධිය, මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදිමේ සිද්ධිය, සහන සේවයේ යෙදුණ මූතූර් ප‍්‍රදේශයේ පුද්ගලයින් 17 කු පැහැරගෙන ගොස් ඝාතනය කිරිමේ සිද්ධිය හා කොළඹ ප‍්‍රදේශයේ පදිංචිව සිටි දමිළ තරුණයින් 11 කු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට විමර්ශන පවත්වනු ලැබේ.

නමුත් මෙම සිද්ධීන් වලට අදාල විමර්ශන කටයුතු බොහෝ ප‍්‍රමාද වන බව නිරික්ෂණය කළ නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න මහතාට ඉකුත් 15 වෙනි දින උපදෙස් ලබා දි තිබුණේ මෙම සිද්ධීන්  05 ට අදාල විමර්ශණ කටයුතු කඩිනමින් අවසන් කර උදෘත ගොනු වහාම තමන්ට ලබා දෙන ලෙසය.

ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයා විසින් එකී සිද්ධීන් 05 ට අදාලව මෙන්ම අමතරව මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදහන් කිරිමේ සිද්ධියේ විමර්ශනද ඇතුලුව  ඊට අදාල කරුණු විමසීමක් ඊයේ දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෙතින් කරන ලදි.

එහිදි කරුණු 11 ක් පිලිබ`ද අවධානය යොමු කර ඇත. එනම් විමර්ශන ආරම්භ කිරිම ස`දහා උපදෙස් ලැබුණු දිනය, විමර්ශන ආරම්භ කළ දිනය, විමර්ශනයේ වර්තමාන තත්ත්වය, විමර්ශනයේදි අනාවරණය කර ගන්නා තොරතුරු, සැකකරුවන්, අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් හා දේපල පිලිබ`ද විස්තර, අධිකරණයට වාර්තා කළ දිනය, අධිකරණය හා නඩු අංකය, විමර්ශන සම්බන්ධව අධිකරණය විසින් ලබා දි ඇති නියෝග හා ඒ සම්බන්ධයෙන් ගෙන ඇති ක‍්‍රියාමාර්ග වල වර්තමාන තත්ත්වය, සිද්ධියට අදාල සියලුම සැකකරුවන් අනාවරණය කරගෙන තිබේද? යන්න සහ තවදුරටත් සැකකරුවන් අනාවරණය කර ගැනිමට සහ අත්අඩංගුවට ගැනිමට තිබේද? යන්න, අදාල සැකකරුවන්ට එරෙහි නඩු පැවරිම ස`දහා ප‍්‍රමාණවත් සාක්ෂි අනාවරණය කරගෙන ඇත්ද යන්න සහ තවදුරටත් අනාවරණය කර ගත යුතු සාක්ෂි ඇත්නම් ඒවා මොනවාද ? යන්න, විමර්ශන කටයුතු සම්බන්ධ නීතිපති වෙත ගොනු යවා උපදෙස් ලබා ගෙන ඇත්ද? එසේනම් එම උපදෙස් අනුව කටයුතු කර ඇත්ද? සහ තවදුරටත් කටයුතු කිරිමට අවශ්‍ය නම් ඒ සම්බන්ධ සංක්ෂිප්ත විස්තරයක්ද, නීතිපති විසින් උදෙස් ලබා දි නැත්තනම් ඒ සම්බන්ධයෙන් ගෙන ඇති ක‍්‍රියා මාර්ග, විමර්ශන මේ දක්වා අවසන් කිරිමට හැකි වී නැතිනම් ඊට හේතු, විමර්ශන අවසන් කිරිමට බලාපොරොත්තු වන සාධාරණ කාල සීමාවය.

මෙම කරුණු ඇතුලත්ව එක් එක් සිද්ධියට අදාලව වෙන වෙනම ගොනු සකස් කර මේ මස 23 වෙනි දිනට ප‍්‍රථම වැඩබලන පොලිස්පතිවරයා වෙත ලබා දෙන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දි ඇත. එහිදි එකී වාර්තා ලැබීමෙන් පසු ඒවා නීතිපතිවරයා වෙත යැවීමට නියමිතව ඇත.

ශානිකා මාධවී




2019-08-19
Advertisement

Find us on Facebook