English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“2015 දී ජනතාව මුල් තැන දුන්නේ පක්ෂ න්‍යාය පත්‍ර වලට වඩා සිවිල් සමාජ න්‍යාය පත්‍රයටයි.” - පිලිප් දිසානායක

“2015 දී ජනතාව මුල් තැන දුන්නේ පක්ෂ න්‍යාය පත්‍ර වලට වඩා සිවිල් සමාජ න්‍යාය පත්‍රයටයි.” - පිලිප් දිසානායක

2015 මැතිවරණයේදී මෙරට ජනතාව මුල් තැන දුන්නේ දේශපාලන න්‍යාය පත්‍රයට වඩා සිවිල් න්‍යාය පත්‍රයට බව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ පිලීප් දිසානායක මහතා පවසයි.

අප රටේ නීති ආධිපත්‍යයක් නොමැති බවත්, ප්‍රචණ්ඩත්වය මුල් බැසගෙන ඇති බවත්, අපි වසර 30-40ක කාලයක සිටම කථා කලත්, තාම අපි ප්‍රශ්න විසඳාගෙන නොමැති බවද ඒ මහතා පවසයි.එහෙයින් මේ තත්ත්වය වෙනස් කර ගැනිමේ උවමනාවක් බහුතරයකට තිබුණු අතර, එබැවින් 2015 දි සිවිල් ප්‍රජාව, සිවිල් සංවිධාන, ප්‍රගතිශිලි ජනතාව ඉදිරියට ඇවිත් පක්ෂ දේශපාලනයට වඩා විශ්වාසය තැබුයේ සිවිල් සමාජ න්‍යාය පත්‍රයක් කෙරෙහිය.

එහිදි ඔවුන් යෝජනා කර සිටියේ නීති ආධිපත්‍ය, සමාජ සාධාරණත්වය, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ යුතුයි යනුවෙනි. ඒ අනුව ඔවුන් පොදු අපේක්ෂකයෙකු පත් කර ගනිමින් ජාතික ආණ්ඩුවක් නිර්මාණය කර ගනු ලැබීය. මේ වෙනස්කමත් සමගින් අපට පහුගිය වසර හතර හමාරක කාලය තුල කර ගැනීමට හැකි වූ මෙන්ම නොහැකි වූ දේද තිබේ.

නමුත් මෙහිදි සිදු වු ප්‍රගතිශීලී දේවල් අප අමතක නොකළ යුතුය. පහුගිය කාලය තුල ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුලු ඇතැම් අධිකරණ වල ශ්‍රේෂ්ඨ තීන්දු ලබා දුන්නේද , ලංකාවේ පළමු වරට විධායකට එරෙහිව තීන්දු ලබා දුන්නේද, ඒ වෙනස නිසා බව ඔහු සඳහන් කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ ඉකුත් දා ලක්ෂමන් කදිරගාමර් ශ්‍රවණාගාරයේ පැවති ජෙරාඩ් මර්වින් පෙරේරාගේ නඩු තීන්දුව හා අධිකරණයේ නඩු ප්‍රමාදය පිලිබඳ පැවති මහජන සම්මන්ත්‍රණයේදිය.

-ශානිකා මාධවී-

එහිදි කළ කථාවේ සම්පුර්ණ වීඩියෝව පහතින්...





2019-08-16
Advertisement

Find us on Facebook