English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ගෝඨාගෙන් වාර්තාවක්...


ගෝඨාගෙන් වාර්තාවක්...

මෙතෙක් ජනාධිපතිවරණයන් සදහා ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් අපරාධ හා දූෂණයන්ට සම්බන්ධව චෝදනාවන් වැඩිම ප‍්‍රමාණයකට හිමිකම් කියන ජනාධිපති අපේක්ෂකයාට හිමි වාර්තාව හිමිකර ගැනීමට පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගොඨාභය රාජපක්ෂ  මහතාට හැකිව තිබේ.

ඔහුට එරෙහිව මෙරට අධිකරණයන් හි දී මෙන්ම විදේශීය අධිකරණයන් කිහිපයක නඩු ගණනාවක් මේ වන විට පැවරී තිබේ. රුපියල් බිලියන 11.4ක පාඩුවක් රජයට සිදු කිරීම සම්බන්ධව කුප‍්‍රකට ඇවන්ගාඞ් නඩුවේ පළමු විත්තිකරු ලෙසද, රජයේ මුදල් මිලියන 33.9ක් අවභාවිතා කරමින් තම දෙමාපියන් සිහිකිරීම සදහා මැදමුලන ඞී.ඒ රාජපක්ෂ නම් අනුස්මරණ කෞතුකාගාරය ගොඩනැගීම සම්බන්ධ නඩුවේ ද පලමු විත්තිකරු කරු ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කර ඇත.

එමෙන්ම, ජේෂ්ඨ මාධ්‍යවේදියෙකු වූ ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ ඝාතණය සම්බන්ධව ඔහුගේ දියනිය වන අහිම්සා වික‍්‍රමතුංග මිය විසින් ඇමරිකානු සිවිල් අධිකරණයක නඩුවක් පවරා ඇති අතර, යුධ සමයේ දී තරුණයින් පිරිසකට වදහිංසා කිරීම සම්බන්ධව ITJP නැමති සංවිධානය විසින් ගොඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව තවත් නඩු 10ක් ඇමරිකාවේ කැලිෆෝනියාවේ සිවිල් අධිකරණය දී පවරා තිබේ.

මීට අමතරව, මාධ්‍යවේදීන් වන ලසන්ත වික‍්‍රමතුංග ඝාතණය, කීත් නොයාර්ට, උපාලි තෙන්නකෝන් හා පෝද්දල ජයන්තට පහරදීම සම්බන්ධවත්, වැලිකඩ බන්ධනාගාරයේ දී සිදු වූ මනුෂ්‍ය ඝාතණයන්ට ඔහු සම්බන්ධ බවට සමාජයෙන් චෝදනා එල්ල වුවත්, ඒ සම්බන්ධව ඔහුට විරුද්ධව මෙතෙක් කිසිදු අධිකරණයක නඩු පවරා නැත.



 




2019-08-15
Advertisement

Find us on Facebook