English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


වේදිකාවෙන් බිමට වැටුනු ජනාධිපති ධුරය අහෝසි කිරීම...


වේදිකාවෙන් බිමට වැටුනු ජනාධිපති ධුරය අහෝසි කිරීම...

1978 සිට කි‍්‍රයාත්මක විධායක ජනාධිපති ක‍්‍රමයේ ආදීනව එම ක‍්‍රමය කි‍්‍රයාත්මක කර මාස කිහිපයක් තුළ රටේ ජනතාවට අත්විදින්නට සිදු විය. මෙම ක‍්‍රමය ආරම්භ කළ මොහොතේ සිට මීට දසතින් විරෝධය පැමිණි අතර, 1994 සිට 2015 දක්වා පැවැති ජනාධිපතිවරණ පහේදීම මෙම විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ජනධිපතිවරණ සටනේ ප‍්‍රධාන සාටන් පාඨය ද විය.

මෙම ක‍්‍රමය වෙනස් කරන බවට පොරොන්දු වී පැමිණි ජනාධිපතිවරු තිදෙනෙක් අවස්ථා පහකදී ජනතාවගේ ඡන්ද මංකොල්ලකා බලයට පැමිණියත්, ලබා දුන් පොරොන්දු කුණු කූඩයට විසිකර මෙම තනතුරේ ඇති රසයට වහ වැටී සැ`ඩ පහරට හසුව පාවී යන අලිකුණට වහ වැටුනු කපුටා මෙන් මේ කුණු වී දුගද හමන ජනාධිපති ක‍්‍රමය සමග ඔවුන්ද විනාශයට පත් විය.

1994 දී මාස 6න් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ජවිපෙ සමග ගිවිසුම් ගතව පැමිණි චන්දි‍්‍රකා මැතිණිය අවස්ථා දෙකක් එම තනතුරේ රැුදී සිටිනු ලැබුවත් ඇයට ද එය වෙනස් කිරීමට අසමත් විය. ඇය අසමත් වූ දේ ඉටු කර ගැනීම සදහා ඇය තවත් අය ද සම්බන්ධ කරමින් 2015 දී පොදු අපේක්ෂකයෙකු මේ වැඬේ වෙනුවෙන්ම පත්කරනු ලැබුවත් ඔහුත් අන් අයගේ අඩිපාරේම ගමන් කරනු ලැබීය.

මෙහි දී ඇති තවත් විශේෂත්වයක් වන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය ආරම්භකර මේ වන විට අවුරදු 41ක් ගතව තිබුනත්, මින් අවුරුදු 16ක් මෙම ක‍්‍රමය ගෙන ආ එජපය විසින් ද මෙම ක‍්‍රමයට දැඩිව විරුද්ධ වූ ශී‍්‍රලනිපය විසින් අවුරුදු 25ක් තිස්සේ අඛණ්ඩව මෙම ක‍්‍රමය පවත්වාගෙන යාමයි.
 
දැන් නැවතත් ජනාධිපතිවරණයක් ආසන්නට අප පැමිණ තිබේ. මේ වන විට පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කර ඇති අතර, එම උත්සවයේ දී ජනාධිපති ක‍්‍රමය අහෝසිකරන බවට කිසිම අදහස් හෝ ඉගියක් එම පක්ෂයේ අපේක්ෂකයාගෙන් හෝ පළ නොවීය. එමෙන්ම, එජාපයෙන් ඉදිරිපත්කරනු ලබන අපේක්ෂකයාගේ ජයග‍්‍රහණය තහවුරු කිරීම සදහා බදුල්ලේ පැවැති රැලියේ දී ද විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම ගැන කිසිවෙකු කිසිදු අදහසක් ප‍්‍රකාශ නොකලහ.

මෙම අපේක්ෂකයන් දෙදෙනා අමතන සෑම වචන කණ්ඩයක් සදහාම පැමිණ සිටි පේ‍්‍රක්ෂකයන් අත්පොලසන් දෙනු ලැබු අතර, ඒ පැමිණි අයට ද එවැන්නක අවශ්‍යතාවයක් තිබෙන බවක් අපට නොපෙනුනි. මින් පෙනී යන්නේ මෙවර මැතිවරණයට ඉදිරිපත් වන ප‍්‍රධාන කණ්ඩායම් දෙකම විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කිරීමට අකමැති බවයි.




2019-08-15
Advertisement

Find us on Facebook