English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


වධහිංසාවකදි ගුරුවරයාට මිස, දරුවාට යුක්තිය ඉටුවන ස්වාධීන යාන්ත්‍රණයක් නැහැ - ජෝශප් ස්ටාර්ලින්

වධහිංසාවකදි ගුරුවරයාට මිස, දරුවාට යුක්තිය ඉටුවන ස්වාධීන යාන්ත්‍රණයක් නැහැ - ජෝශප් ස්ටාර්ලින්

පාසලකදී දරුවෙකුට වන වධහිංසාවක් සම්බන්ධයෙන් දෙමාපියන් අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිලි කළද දරුවාට යුක්තියක් ඉටු වන ස්වාධීන යාන්ත්‍රණයක් අධ්‍යාපන අමාත්‍යාංශයේ නොමැති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජොශප් ස්ටාර්ලින් මහතා පවසයි.

ගුරුවරයෙක් ළමයෙකුට දඬුවමක් කළ  විට ඒ මව හෝ පියා, දරුවා පැමිණළි කල විට හෝ ඒ සම්බන්ධයෙන් දෙමාපියන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විමසන විට දෙමාපියන්ට යුක්ති සහගත පිළිතුරු ලබා දිමට වර්තමාන අධ්‍යාපන යාන්ත්‍රණය අසමත් බව පෙන්වා දෙයි.

එමෙන්ම ළමයා, ගුරුවරයා, විදුහල්පතිවරයා හෝ පහර දෙනු ලැබු පුද්ගලයා සම්බන්ධව මධ්‍යස්ථ තැනකින් විමර්ශනයක් නොකෙරන අතර, මෙහිදි ගුරුවරයා බේරා ගැනිමට පමණක් අධ්‍යාපන අමාත්‍යාංශ යාන්ත්‍රණය සැකසි ඇති බවත්, ඒ මහතා පවසයි.

එහෙයින් මේ තත්ත්වය වහාම වෙනස් කර දෙමාපියන්ට විශ්වාස තැබිය හැකි යුක්ති සහගත විධිමත්, ස්වාධීන ක්‍රමයක් ඇති කල යුතුව ඇති බව ජෝශප් ස්ටාර්ලින් මහතා වැඩිදුරටත් පවසයි. නැතහොත් සිදුවන්නේ නිරන්තරයෙන්ම දෙමාපියන්ට නීතිය හමුවට යාමට බවද ඔහු පෙන්වා දෙයි.

-ශානිකා මාධවී-




2019-08-15
Advertisement

Find us on Facebook