English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


වෛද්‍ය සාෆිගේ නඩුවෙන් පසු තර්ජන එල්ල වන බවට කුරුණෑගල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකගෙන් පොලිසියට පැමිණිල්ලක්!


වෛද්‍ය සාෆිගේ නඩුවෙන් පසු තර්ජන එල්ල වන බවට කුරුණෑගල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකගෙන් පොලිසියට පැමිණිල්ලක්!

වෛද්‍ය සාෆි සම්බන්ධ ඉකුත්දා පැවති නඩුවෙන් පසු තමන්ට තර්ජන ඇතැයි පවසමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ඊයේ (14) කුරුණෑගල පොලිස් මුලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මව්වරුන් වඳ භාවයට පත් කල බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි තිසේරා මහතා හට කුරුණෑගල රෝහලේ නියොජ්‍ය අධ්‍යක්ෂක චන්දන කැදන්ගමුව මහතා විසින් අනතුරු හැඟවීමක් කර ඇති බවට ඉකුත් (09) දා පැවති වෛද්‍ය සාෆිගේ නඩුවේදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබුණි.

එදින සිට තමන්ට විවිධ පාර්ශව වලින් තර්ජන එල්ල වන බවට නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා පොලිසියට පැමිණිලි කර තිබේ.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් ඉකුත් ජුලි 26 වෙනිදා කුරුණෑගල රෝහල වෙත ගොස් ඇත්තේ විකිරණශීලි වෛද්‍යවරුන් තිදෙනෙකුගෙන් ප‍්‍රකාශ ලබා ගැනිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවේ පෙනි සිටිමට අවශ්‍ය අධිකරණ නියෝග භාර දිමටය.

එහිදි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක විසින් සහකාර පොලිස් අධිකාරි තිසේරාගේ සියලු පුද්ගලික තොරතුරු තමන් සතුව පවතින බව ප‍්‍රකාශ කර තිබේ. විමර්ශන නිලධාරියෙකුගේ තොරතුරු එක්රැස් කිරිම නීති විරෝධී හෙයින් මේ පිලිබඳ අධිකරණය වෙත කරුණු වාර්තා කිරිමට ඉකුත්දා පියවර ගෙන තිබුණි.

-ශානිකා මාධවී-




2019-08-15
Advertisement

Find us on Facebook