English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ආගමික හා හෘද සාක්ෂියේ නිදහස පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ශ්‍රී ලංකාවට


ආගමික හා හෘද සාක්ෂියේ නිදහස පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ශ්‍රී ලංකාවට

ආගමික හා හෘද සාක්ෂියේ නිදහස පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත අහමඩ් ශහීඩ් මහතා නිල සංචාරයක් සඳහා අද දින (අගෝස්තු 15) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

මෙම සංචාරයේදී ශ්‍රී ලංකාව ආගම් ඇදහීමේ හා හෘද සාක්ෂියේ නිදහස ආරක්ෂා කර ඇත්තේ හා වර්ධනය කර ඇත්තේ කෙසේද යන්න පිළිබඳ ශහීඩ් මහතා විසින් සලකා බැලීමට නියමිතය. එමෙන්ම විවිධ ආගම් අදහන ප්‍රජාවන් අතර සාමකාමී සහජීවනයක් පවත්වාගෙන යාමට හා එම සහජීවනය වර්ධනය කිරීමට ශ්‍රී ලංකා රජය ගනු ලැබූ උත්සාහයන්ද සලකා බැලීමට නියමිතය.

මීට පෙර වර්ෂ 2005 දී ශ්‍රී ලංකාවේ මෙවන්ම ආකාරයේ නිල සංචාරයක් සිදු කල එවක එක්සත් ජාතීන්ගේ මෙම කරුණ සම්බන්ධම විශේෂ නියෝජිත වූ අස්මා ජන්ගීර් විසින් ශ්‍රී ලංකා රජයට කරනු ලැබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන්ද නිරීක්ෂණයක් සිදු කිරීමද ශහීඩ් මහතා විසින් සිදුකරනු ලබන තවත් කටයුත්තකි.

අගෝස්තු 15 වන දා සිට අගෝස්තු 26 වන දින දක්වා දින 12ක කාලයක් මෙම සංචාරය සිදු කරන අතර එහිදී රජයේ විවිධ පාර්ශවයන් ආගමික ප්‍රජාවන්ගේ නියෝජිතයන්, සිවිල් සංවිධාන හා එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කණ්ඩායමද සමග අදහස් හුවමාරු කර ගැනීමට විශේෂ නියෝජිතවරයා බලාපොරොත්තු වේ.

මෙම සියලු කටයුතු අවසානයේ ආගමික හා හෘද සාක්ෂීයේ නිදහස ආරක්ෂා කිරීම හා වර්ධනය කිරීම උදෙසා තවදුරටත් ශ්‍රී ලංකා රජය කල යුතු කටයුතු පිළීබඳ නිර්දේශ ඇතුළත් වාර්තාවක්ද ඉදිරිපත් කිරීමට නියමිතය.

ශහීඩ් මහතා විසින් ඔහුගේ සමාලෝචන හා නිර්දේශ ඇතුළත් සම්පූර්ණ වාර්තාව මානව හිමිකම් කවුන්සිලයේ 2020 මාර්තු සැසිවාරයට ඉදිරිපත් කරනු ඇති.

අහමඩ් ශහීඩ් මහතා මාලදිවයින් ජාතිකයෙකු වන අතර ඔහු වර්ශ 2016 දී මෙම කරුණට අදාළ විශේෂ නියෝජිතවරයා ලෙස පත් කරනු ලැබුණි. ඔහු අවස්ථා දෙකකදී මාලදිවයින් විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කල අතර එම කාල සීමා තුළදී ප්‍රධාන මානව හිමිකම් සම්මුතීන් නවයම අත්සන් කිරීමටත් එකී සම්මුතීන් මාලදිවයින තුළ නීතිමය වශයෙන් ප්‍රායෝගිකව භාවිතා කිරීමටත් අදාළ කටයුතු සඳහා නායකත්වය ලබා දීම සිදු කලේ අහමඩ් ශහීඩ් මහතා විසිනි. ඔහු මීට පෙර ඉරානයේ මානව හිමිකම් තත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයා ලෙස කටයුතු කරනු ලැබීය. මෙලෙස විශේෂ කටයුතු සඳහා නිරන්තරයෙන් සිය දායකත්වය ලබා දී ඇති ශහීඩ් මහතා ජාත්‍යන්තර මානව හිමිකම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ චරිතයකි.

-දුලාන් දසනායක-

(මෙම සංචාරය පිළිබඳ වැඩිදුර තොරතුරු එක්සත් ජාතීන්හේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ කාර්යාලයේ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැක. මෙම වෙබ් ලින්ක් එක භාවිතා කරන්න.

https://www.ohchr.org/EN/NewsEvents/Pages/DisplayNews.aspx?NewsID=24889&LangID=E)




2019-08-15
Advertisement

Find us on Facebook