English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


පළාත් සභා මැතිවරණය ගැන ජනපතිගේ මත විමසීමට ලිඛිත දේශන ඉදිරිපත් කරන්නැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයට දැනුම් දෙයි.


පළාත් සභා මැතිවරණය ගැන ජනපතිගේ මත විමසීමට ලිඛිත දේශන ඉදිරිපත් කරන්නැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයට දැනුම් දෙයි.

පවතින නීතිමය පසුබිම තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති ඉඩකඩ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129(1) ව්‍යවස්ථාව ප්‍රකාරව කරුණු විමසීමක් සිදු කර ඇත. එකී කරුණු විමසීමට අදාළව ලිඛිත දේශන ඇත්නම් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලංකා නීතිඥ සංගමයට දැනුම් දී ඇත.

සීමා නීර්ණ වාර්තාව ඉදිරිපත් වී නොමැති නිසා පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති ඉඩකඩ මේ අවස්ථාවේදී ජනාධිපතිවරයා විමසා ඇති බවට වාර්තා වන අතර එකී කරුණට අදාළව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයන්ට ලිකිතව කරුණු දැක්වීමේ අවස්ථාවක් ඇති බව ශ්‍රේෂ්ඨාධීකරණයේ රෙජිස්ට්‍රාර්වරයා විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙත ලිඛිතව දන්වා ඇත.

ඒ අනුව ලිඛිත දේශන ඇත්නම් මෙම මස 21 වන දින දහවල් 12 ට පෙර ඉදිරිපත් කරන ලෙස දන්වා ඇති අතර මේ සම්බන්ධ විභාගය මෙම මස 23වන දින පැවැත්වීමට නියමිතය. මෙහි තීරණය ලබා දීමට නියමිතව ඇත්තේ මෙම මස 30 වනදාය.




2019-08-14
Advertisement

Find us on Facebook