English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   

මෝඩි සහ සෙයිද් රාජපක්ෂ අපේක්ෂා බිඳ හෙළීම !

ඉන්දියානු නව අගමැති මෝඩි ශ‍්‍රී ලංකාණ්ඩුවේ දේශපාලන මිතුරකු වනු ඇතැයි ඔහු බලයට පත් වූ වහාම රාජපක්ෂවරු ප‍්‍රචාරක ව්‍යාපාරයක් දියත් කළෝ ය. නරේන්ද්‍ර මෝඩි දිවුරුම් දීමේ උත්සවයට ජනාධිපති රාජපක්ෂට ඇරයුම් කිරීම පින්තාරු කරන ලද්දේ ද එම නව දේශපාලන පෙළ ගැස්මේ මුහුණුවරක් ලෙස ය. මෝඩි – රාජපක්ෂ සුහදතාව මගින් උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ දේශපාලන පක්ෂ දුර්වල කිරීමට හැකිවෙනු ඇතැ’යි යනුවෙන්ද ගායනා ආරම්භ විය. නමුත් එම ගායනා දැන් අකල් මරණයකට ශෝක ගී බවට පත්ව තිබේ. තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා පතුරු ගැසීමට රාජපක්ෂවරුන් විසින් ගෙන්වා ගත් සුබ‍්‍රමනියම් ස්වාමි නම් බිජේපී දේශපාලනඥයා ද එවැනිම වතුරේ පාවූ පිදුරු ගසක් බවට දැන් පැහැදිලි ය.

ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ දේශපාලන අභිලාෂයන් සැපිරීම පිණිස පළාත් සභා ක‍්‍රමය බල ගැන්විය යුතු බවටත් 13 වන ව්‍යවස්ථා සංශෝධනය එලෙසින්ම ක‍්‍රියාවට නැංවිය යුතු බවටත් ඉන්දියානු ආණ්ඩුව දරන මතය ඇත්ත වශයෙන්ම නම් මෝඩි පාලනය යටතේ වඩා තිව‍්‍ර වී තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ නායකයන්ට තමා හමුවීමට එන්නැ’යි අගමැති මෝඩි කළ ආරාධනයත් එම සාකච්ජාවන්හිදී ඔහු විසින් දක්වන ලද අදහසුත් මේ සම්බන්ධයෙන් ඉතා වැදගත්ය. ඔහු රාජපක්ෂවරුන්ගේ බහට නැමී උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ ප‍්‍රශ්න සම්බන්ධ උනන්දුව නැති කර ගනු ඇතැ’යි යනුවෙන් ගෙන ගිය ප‍්‍රලාප එම සාකච්ජා විසින් වාෂ්ප කරන ලදි. තමන් සියයට සියයක්ම ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ ප‍්‍රශ්න සමගයැ’යි ඔහු එහිදී සඳහන් කර තිබුණි. ඉන් අනතුරුව මෑත කොළඹ පැවැති සමුළුවකට පැමිණි බීජේපී ප‍්‍රධානීන් දෙදෙනෙකු ආපසු සිය රට ගොස් කියා සිටියේ තමන් ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ ප‍්‍රශ්නවලට ඉක්මන් දේශපාලන විසදුමක් දෙන ලෙස ශ‍්‍රී ලංකා ආණ්ඩුවට කියා සිටි බවයි.

දැන් පෙනෙන අන්දමට ආතක් පාතක් නැති සුබ‍්‍රමනියම් ස්වාමි ගෙන්වාගෙන දෙමළ ජාතික සන්ධානයට සහ තමිල්නාඩුවට බැණ වැද්දවීමෙන් රාජපක්ෂවරුන් කරගත්තේ ඉල්ලං කෑමකි. ස්වාමිගේ දෙමළ විරෝධී ප‍්‍රකාශ සමබර කරනු පිණිස පාලක බීජේපීය දැන් ශ‍්‍රී ලංකාවේ ජනවාර්ගික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් තදබල ස්ථාවරයකට තල්ලූ කර තිබේ. බීජේපී මහ ලේකම් මුරලිදර් රාවෝ පසුගිය 19 වනදා මෙසේ කීවේ ය. ‘තමිල්නාඩුවෙහි ශ‍්‍රී ලංකා විරෝධතාකරුන්ගේ සහ අපේ අරමුණු සමානයි. වෙනස තියෙන්නේ ක‍්‍රියාමාර්ග මත. බයක් වෙන්න එපා. බීජේපීයේ සහායකයා රාජපක්ෂ නොවෙයි. ඒ තමයි වයිකෝ’ වයිකෝ වනාහි එල්ටීටීඊ හිතවාදී උග‍්‍ර දෙමළ ජාතිකවාදී දේශපාලනඥයෙකු බව නොදන්නා අයෙක් නැත.

ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේදී ශ‍්‍රී ලංකාව පිළිබඳ යෝජනාවට ඉන්දියාව සහාය නොදීම ඉන්දියානු විදේශ ප‍්‍රතිපත්තියේ දිගුවක් මිස ශ‍්‍රී ලංකාව සම්බන්ධ සුවිශේෂ වර්ධනයක් නොවේ. මානව හිමිකම් කවුන්සිලය එහි කවර හෝ සාමාජික රටක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වනවාට ඉන්දියාව විරුද්ධ ය.

ජීනීවා සම්බන්ධයෙන් කතා කරන විට රාජපක්ෂවරුන්ගේ තවත් අපේක්ෂාවක් බිඳ වැටී තිබෙනු දක්නට ලැබේ. එනම් ශ‍්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් කවුන්සිලයේ විවේචනාත්මක ආකල්පය හුදෙක් ඇමෙරිකානුවන්ගේ සහ විශේෂයෙන්ම හිටපු මහ කොමසාරිස් නවී පිල්ලේගේ කූටෝපායක් බවට ගෙන ගිය ප‍්‍රලාපයයි. නවී පිල්ලේගේ ඇවෑමෙන් පත්වූ නව මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් හොඳ ළමයකු වනු ඇතැයි රාජපක්ෂ ප‍්‍රශස්ති ගායකයෝ වැනූහ. වහාම ශ‍්‍රී ලංකාවෙහි සංචාරයට පැමිණෙන ලෙස ඔහුට ආරාධනයක් ද කෙරුණේ දැන් අපි හොඳ යහළුවන් බව රටට පෙන්වීමට මෙන් ය.

නව මහ කොමසාරිස් සෙයිද් දැන් තමන්ගේ ශ‍්‍රී ලංකාව සම්බන්ධ ප‍්‍රථම වාර්තාව මානව හිමිකම් කවුන්සිලයෙහි එළිදක්වා තිබේ. එය සෙයිද් වනාහි නපුරු පිල්ලේ මෙන් නොව හොඳ ළමයෙකැ’යි පින්තාරු කළ අඳබාල දේශපාලනඥයන්ට බඩඑළිය යන තරමේ වාර්තාවකි.

එම වාර්තාව නවී පිල්ලේ ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් දක්වන ලද ආකල්පය එලෙසම තවදුරටත් තහවුරු කරයි. එමගින් පෙනෙන්නේ හිටපු මහ කොමසාරිස්වරියගේ ක‍්‍රියාකලාපය හුදෙක් පුද්ගල බද්ධ ආකල්පයක් නොව මානව හිමිකම් කවුන්සිලයේ ප‍්‍රතිපත්තිමය ස්ථාවරය බවයි. ශ‍්‍රී ලංකාව සම්බන්ධ මහ කොමසාරිස් කාර්යාලයේ පරීක්ෂණය පිළිබඳ සිය වාර්තාව මගින් මහ කොමසාරිස් සෙයිද් ශ‍්‍රී ලංකාවේ වත්මන් මානව හිමිකම් තත්ත්්වය අරබයා බරපතළ විවේචන ගණනාවක්ම එල්ල කරයි. එපමණක් නොව සිය වාර්තාව මගින් ඔහු රාජපක්ෂ ආණ්ඩුවේ තර්ක ගණනාවකට ද ඍජු පිළිතුරු සපය යි.

එම වාර්තාවේ එන වැදගත් කරුණු සමහරක අදහස මෙසේ ය:

පරීක්ෂණයෙහි විවෘතභාවයක් නැතැ’යි මහ කොමසාරිස් කාර්යාලයට එල්ල කරන චෝදනාව වැරදි ය. පරීක්ෂණයෙහි රහස්‍යභාවය සුරැුකීම මූලාශ‍්‍රයන්ගේ ආරක්ෂාවට මෙන්ම පරීක්ෂණයෙහි සුපිළිපන්න බව රැුකගැනීමට ද අත්‍යවශ්‍යය.

ශ‍්‍රී ලංකාව සම්බන්ධ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව එකවරම දේශීය පරීක්ෂණයක් ද අන්තර් ජාතික පරීක්ෂණයක් ද නිර්දේශ කිරීම ප‍්‍රතිවිරෝධීයැ’යි ද ශ‍්‍රී ලංකාණ්ඩුව කිය යි. මෙම ප‍්‍රශ්නයට එක එල්ලේම පිළිතුරක් දීමට මහ කොමසාරිස්වරයා කැමැති ය. මෙහි ප‍්‍රතිවිරෝධයක් කිසිසේත්ම නැත. අයිතීන් උල්ලංඝනයන් පරීක්ෂා කර වින්දිතයින්ට සහන සැලසීමටත් ශ‍්‍රී ලංකාව අන්තර්ජාතික වශයෙන් බැදී සිටී. හිමිකම් කෙළෙසීමේ කාලපරිච්ෙඡ්දය සහ චෝදනා අර්ධ වශයෙන් පමණක් ආවරණය කරන දේශීය පරීක්ෂණ යාන්ත‍්‍රණයක් පැවතීම විසින් අන්තර්ජාතික පරීක්ෂණය ඉදිරියට ගෙනයෑම නොවළක්වයි.

ශ‍්‍රී ලංකාණ්ඩුව කවුන්සිලයේ යෝජනාව ප‍්‍රතික්ෂේප කිරීම මහ කොමසාරිස්වරයාගේ මහත් කණස්සල්ලට හේතු වී තිබේ. සන්නිවේදන මාර්ග විවෘතව තබාගන්නැ’යි ඔහු ඉල්ලා සිටී. මේ වනාහි ගැටුමේ අවසාන කාල පරිච්ෙඡ්දයෙහිදී දෙපාර්ශ්වය විසින්ම කරන ලදැ’යි කියන මානව හිමිකම් උල්ලංඝනයන් සහ අපරාධයන්හි රටාව පිළිබඳ සත්‍ය වාර්තාවක් සඳහා ලැබෙන අසමසම අවස්ථාවකි. එය විසින් ගැටුමට මුහුණ දුන් දෙපාර්ශ්වයේම වින්දිතයන්ගේ අපේක්ෂා සම කිරීමක් ද වනු ඇත. මෙම පරීක්ෂණයට එල්ටීටීඊය සහ දෙමළ සන්නද්ධ කණ්ඩායම් විසින් වසර ගණනාවක් පුරා කරන ලද ළමා සොල්දාදුවන් බඳවා ගැනීම සහ සාමාන්‍ය ජනයාට ප‍්‍රහාර එල්ල කිරීම ද ඇතුළු බරපතළ අපරාධයන් ද ඇතුළත් වෙයි. ලංකාණ්ඩුව පරීක්ෂණයට සහාය නොදීමෙන් සිදුවන්නේ එය සතු වටිනා තොරතුරු සැලකිල්ලට ගැනීමට නොහැකිවීමයි.

ශ‍්‍රී ලංකාවට ගවේෂණාත්මක සංචාරයන්හි යෙදීමට අවස්ථාව ඉල්ලා මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ නියෝජිතයින් නම දෙනෙකු විසින් කරන ලද ඉල්ලීම් තවමත් ලංකාණ්ඩුව පිළිගෙන නැත. බලහත්කාර අතුරුදන් කරවීම් සහ සුළුතර ප‍්‍රජාවන් සම්බන්ධ විශේෂ නියෝජිතයන් දෙදෙනාට ශ‍්‍රී ලංකාවෙහි සංචාරය කිරීමට මුල්තැන දී පියවර ගන්නා ලෙස මහ කොමසාරිස්වරයා ඉල්ලා සිටී.

මානව හිමිකම් ආරක්ෂකයන්ට, සිවිල් සමාජ සංවිධානයන්ට සහ වින්දිතයන්ගේ සංවිධානයන්ට එරෙහිව සිදුවන තර්ජන ගර්ජන සම්බන්ධයෙන් මහ කොමසාරිස්වරයා කම්පනයට පත්ව සිටී.

(මහ කොමසාරිස්වරයාගේ වාර්තාව සිවිල් සමාජ සංවිධානයන්ට, නීතිවේදීන්ට සහ මානව හිමිකම් ආරක්ෂකයන්ට එරෙහිව එල්ල වූ ප‍්‍රහාර ගණනාවක්ම එකින් එක සඳහන් කරන අතර රාජ්‍ය නොවන සංවිධානයන්ට එරෙහිව ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද චක‍්‍රලේඛය ද විවේචනයට හසු කරයි.)

බියගැන්වීමේ සහ තර්ජනයේ වටපිටාවක් ඇති කරනු ලබන්නේ ශ‍්‍රී ලංකාව පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ පරීක්ෂණය තවදුරටත් අභියෝගාත්මක කිරීමට සහ දුෂ්කර කිරීමට බව පෙනේ. ඉන් අදහස් කැරෙන්නේ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමට මහ කොමසාරිස් කාර්යාලය හැකි සෑම පියවරක්ම ගත යුතු බව ය.

දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ශ‍්‍රී ලංකාණ්ඩුවේ පනත් කෙටුම්පත 2006 වසරේ සිට මානව හිමිකම් කවුන්සිලයට දෙනු ලැබ ඇති පොරොන්දුවකි. පෙනෙන අන්දමට එය ප‍්‍රමාණවත් නැත.

මහ කොමසාරිස් කාර්යාලය ශ‍්‍රී ලංකාවේ අතුරුදන්වීම් පිළිබඳ කොමිසම නිරීක්ෂණය කර නැතත් ස්වාධීන නිරීක්ෂකයන් විසින් කොමසාරිස්වරුන්ගේ ප‍්‍රශ්න කිරීම්, පරිවර්තනයයන්හි ගුණාත්මකබව, මෙන්ම මිලිටරි ඔත්තු සේවා නිලධාරීන්ගේ පැමිණීම ද ප‍්‍රශ්න කර තිබේ. මුලතිව්හිදී සාක්ෂිකරුවන්ට මරණ සහතික ලබාගැනීමට පෙළඹ වූ බවටත් සාක්ෂිකරුවන්ට විවිධ බියගැන්වීම් එල්ල වූ බවටත් වාර්තා තිබේ.

හිටපු මහ කෙමසාරිස්වරිය මෙන්ම මහ කොමසාරිස්වරයා ද මුස්ලිම් සහ ක‍්‍රිස්තියානි ආගමික සුළුතරයන්ට එල්ල වන ගණනින් ඉහළ යන ප‍්‍රහාරයන් සම්බන්ධයෙන් ගැඹුරින් තැතිගැන්මට පත්ව සිටී.

ඉහත සඳහන් වන්නේ සෙයිද් වාර්තාවේ කරුණු කිහිපයක් පමණි. ඊට අමතරව සමූහ මිනී වළවල් සම්බන්ධයෙන් ද වැලිවේරිය ඝාතන සම්බන්ධයෙන් ද යනාදී විවේචනාත්මක වශයෙන් කරුණු දක්වා තිබේ.

මෙම වාර්තාව රාජපක්ෂවරුන් විසින් ලෝකයෙන් වසන් කිරීමට තැත් දරන මෙරට මානව හිමිකම් පිළිබඳ සැබෑ යථාර්ථය හෙළි දක්වයි. නව මහ කොමසාරිස්වරයා විසින් නව මඟක් ගෙන රාජපක්ෂවරුන්ට ඇප දෙනු ඇතැ’යි වූ අපේක්ෂාව දැන් සිහිනයකි.

ශ‍්‍රී ලංකාවේ ජනවාර්ගික ප‍්‍රශ්නයට සමානාත්මතාව සහ යුක්තිය මත දේශපාලන විසඳුමක් සැපයීමෙන් සහ යුද සමයෙහි සිදු කරන ලද මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමෙන් තොරව මෝඩි හෝ සෙයිද් ගැන මායාමය සිහින ලෝකයේ පාවී සිටිමේ කාලය කෙමෙන් නමුත් නියතවම අවසානයකට පැමිණෙමින් තිබේ.

සෙයිද් වාර්තාව මෙන්ම ඉන්දියානු ස්ථාවරයන් ද ඒ අභියෝගයේ පෙරමඟ ලකුණු ය.

- See more at: http://ravaya.lk/?p=4386#sthash.RlIouItZ.dpuf

සුනන්ද දේශප‍්‍රිය
සුනන්ද දේශප‍්‍රිය

පිංතුර අන්තර්ජාලයෙන්
-MMP

2014-09-29
Advertisement

Find us on Facebook