English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“භික්ෂුන් වහන්සේලාට දඬුවම් ලබා දෙන නීති ක්‍රමයක් එදා තිබුණා” - ජ්‍යෙෂ්ඨ නීතිඥ බැසිල් ප්‍රනාන්දු


“භික්ෂුන් වහන්සේලාට දඬුවම් ලබා දෙන නීති ක්‍රමයක් එදා තිබුණා” - ජ්‍යෙෂ්ඨ නීතිඥ බැසිල් ප්‍රනාන්දු

වර්තමානයේ මෙන් නොව වැරදිකරුවන් වන භික්ෂුන් වහන්සේලාට දඬුවම් ලබා දෙන නීති ක්‍රමයක් මීට පෙර තිබුණු බව ආසියානු මානව හිමිකම් කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා පවසයි.

“ දිනක් මා සේවය කල මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරයාව සිටියේ මහානාම තිලකරත්න මහතාය. ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් භික්ෂුන් වහන්සේලා දෙනමක් මෙදින අධිකරණයේ පෙනී සිටි අතර, එහිදි මහේස්ත්‍රාත්වරයා භික්ෂුන් වහන්සේලා දෙනමට තරයේ අවවාද කරමින් පවසා සිටියේ ‘මින් ඉදිරියට රණ්ඩු ඇති කරගෙන ආවොත් දෙදෙනාම කූඩුවට දමන’ බවය. එසේ කෙලින් කථා කල හැකි මිනිසුන් එදා සිටි බව නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා පවසයි.

බුද්ධරක්ඛිතලාට මරණිය දණ්ඩනය ලබා දිය හැකි ක්‍රමයක්, සෝමරාමලා එල්ලා මරන්න හැකි ක්‍රමයක් එදා තිබු බවත්, ඔහු පවසයි.

වර්තමානයේ පොලිස් නිලධාරින් භික්ෂුවකගෙන් ප්‍රශ්න කරන්න ගිය විට බයේ ගැහෙන බවත්, ඊට බලපෑම් කරනුයේ දේශපාලඥයා බවත්, එම ක්‍රමය නිවැරදි නොකර මෙම ක්‍රමය ක්‍රියාත්මක කල නොහැකි බවද ඒ මහතා පෙන්වා දෙයි.

ඔහු මේ බව ප්‍රකාශ කරනු ලැබුයේ ඉකුත්දා කොළඹ පිහිටි සම්මන්ත්‍රණයකදිය.

-ශානිකා මාධවී-




2019-08-13
Advertisement

Find us on Facebook