English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අමාත්‍ය ගාමිණි ජයවික්‍රම ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත නොපැමිණේ.


අමාත්‍ය ගාමිණි ජයවික්‍රම ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත  නොපැමිණේ.

බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම මහතා වංචා දුෂණ සම්බන්ධයෙන් සොයා බැලිම සඳහා පත් කල ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත  අද (13) දින පැමිණිය නොහැකි බව දන්වා ඇති බව ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව පවසයි.

මහපොළ උසස් භාරකාර අරමුදලේ ඇතිව ඇතැයි කියන රුපියල් කෝටි ගණනක වංචා දුෂණ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දිමට අමාත්‍ය ගාමිණි ජයවික්‍රම මහතා හට අද (13) දින උදෑසන 9.30 ට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ පොලිස් ඒකකයේ පෙනි සිටින ලෙස දන්වා තිබුණි.

නමුත් අද දින අමාත්‍යවරයාට නොවැලැක් විය හැකි කරුණක් මත පැමිණිය නොහැකි බවත්, ඒ සඳහා වෙනත් දිනයක් ඉල්ලා තිබේ.

මෙම ශිෂ්‍යත්ව භාරකාර අරමුදලේ සිදුව ඇතැයි කියන වංචා දුෂණ සම්බන්ධයෙන් හිටපු උසස් අධ්‍යාපන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි විජේදාස රාජපක්ෂ මහතා මෙම කොමිසමට පැමිණිල්ලක් ගොනු කර තිබුණි. ගාමිණි ජයවික්‍රම අමාත්‍යවරයා මෙම කාලයේ මෙකි අරමුදලේ නියෝජිතවරයෙකු ලෙස කටයුතු කර ඇති හෙයින් ඔහුගෙන් අද දින ප්‍රකාශයක් ලබා ගැනිමට කැඳවා තිබුණි.

-ශානිකා මාධවී-




2019-08-13
Advertisement

Find us on Facebook