English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම් මාධ්‍යයට විවෘත කිරීම අගයමු - FMM


පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම් මාධ්‍යයට විවෘත කිරීම අගයමු - FMM

පාස්කු ප්‍රහාරය පිළිබදව සොයා බැලීම සදහා පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මාධ්‍ය සදහා විවෘත කිරීමත් සමගම ඒ සම්බන්ධව සැගවී තිබු බොහෝ තොරතුරැ දැන ගැනීමට රටේ ජනතාවට හැකි විය. ඒ ආකාරයෙන් මහජනතාවට සෘජුව බලපාන අනෙකුත් සභාවන්ද මාධ්‍ය වෙත විවෘත කරන ලෙස කරනු ලැබූ ඉල්ලීම හේතුවෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ද (COPE) මාධ්‍ය සදහා විවෘත කිරනු ලැබූ අතර ඒය බොහෝ දෙනාගේ පැසසුමට ද ලක් විය. පහතින් පලවන්නේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඒ් සම්බන්ධව නිකුත් කළ නිවේදනයයි.
 
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම් මාධ්‍යයට විවෘත කිරීම අගයමු

පාර්ලිමේන්තුවේ කාරක සභාවල කටයුතු මාධ්‍යයට විවෘත කරවා ගැනීමට අදාළ කටයුතු සිදු කරමින් සිටි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම මාධ්‍යයට විවෘත කිරීමට රජය ගෙන ඇති තීරණය ඇගයුමට ලක් කරයි. මෙය  කාලීන මෙන්ම ඓතිහාසික වශයෙන්ද වැදගත් පියවරක් ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පිළි ගනියි.

පාර්ලිමේන්තුවේ විවෘතභාවය වෙනුවෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ආරම්භයේ සිටම පෙනී සිටි අතරල පාර්ලිමේන්තු වරප්‍රසාද අනුව මාධ්‍යවේදීන්ට නඩු පැවැරීමට තිබු නිතී අහෝසි කිරීමට මැදිහත් වීමල තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් දිනා ගැනීමට කළ අරගලය එම ගමන් මඟෙහි වැදගත් සන්ධි ස්ථාන වෙයි.
 
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම් මාධ්‍යයට විවෘත කිරීම වර්තමාන ශ්‍රී ලංකාවේ ආර්ථික දේශපාලන හා සංස්කෘතික ක්ෂේත්‍රයන් හි සිදු වෙමින් පවතින වර්ධනයන් විසින් ඉදිරිපත් කර ඇති අභියෝගයන්ට මුහුණදීමට පුරවැසියන් හට  පාර්ලිමේන්තුව ඔස්සේ  මැදිහත්වීමට තිබෙන අවස්ථා තව දුරටත් පුලුල් වීමක් ලෙස වැදගත්වේ.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම් මාධ්‍යයට විවෘත කිරීම මගින් රාජ්‍ය ආයතනයන් හි මුල්‍ය කළමානකරණය පිළිබඳ විනිවිදභාවය වැඩි දියුණු වන අතර, සිවිල් සමාජයට මෙම කාරක සභාව ඉදිරියේ හෙළිදරව් වන තොරතුරු ඔස්සේ තවදුරටත් පොදු අධිකාරීන් ගේ වගවීම සම්බන්ධයෙන් මැදිහත් වීමට ඉඩක් ලැබෙයිගසමස්තයක් වශයෙන් පාර්ලිමේන්තුවේ විවෘතභාවය සම්බන්ධයෙන් පෙනී සිටින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පාර්ලිමේන්තුවේ අනෙකුත් කාරක සභාවල කටයුතු ද කඩිනමින් මාධ්‍යයට විවෘත කරන ලෙස ඉල්ලා සිටියි.





2019-08-12
Advertisement

Find us on Facebook