English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මහජන මන්ත‍්‍රණ සභාවක්, නෝනගම සංස්කෘතික මධ්‍යස්ථානයේ දී...


නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සමග මානව හිමිකම් යන මැයෙන් පැවැත්වෙන මහජන මන්ත‍්‍රණ සභාවක් අගෝස්තු 17 උදේ 9.30ට නෝනගම සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වේ. වදහිංසාවට එරෙහි ශී‍්‍ර ලාංකික එකමුතුව සමග රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය එක්ව සංවිධානය කරනු ලබන මෙම මහජන මන්ත‍්‍රණ සභාව සදහා මහාචාර්ය එච්. ඩබ්ලිව්. සිරිල්, සමන් රත්නප‍්‍රිය, සුනන්ද දේශපි‍්‍රය, හා පිලිප් දිසානායක යන අය අදහස් දැක්වීමට නියමිතයි. පහතින් දැක්වෙන්නේ ඒ වෙනුවෙන් නිකුත්කළ ඇති නිවේදනයයි.

විවිධ වූ හිංසාවන් හා පීඩාවන්ගෙන් තොරව බියෙන් හා සැකෙන් තොරව ආරක්ෂිතව ජීවත්වීම, ජාති කුළ ආගම් බේදයන් නොසලකා සියලූ දෙනා සමාන ලෙස පිළිගැනීම, අදහස් ප‍්‍රකාශ කිරීම, රැස්වීම්, සමිති සමාගම් පැවැත්වීමේ අයිතිය මූලික අයිතිවාසිකම් ලෙස අප ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට දැනටමත් ඇතුලත් වී තිබේ. මිනිසාගේ පුද්ගල නිදහසට සෘජුව බලපාන මෙම අයිතීන් එදිනෙදා ජීවිතයට අවශ්‍ය කෑම, බීම ඇදුම්, පැලදුම්, නිවාස වගේම අද දවසේ ජීවත් වන නූතන මනුෂ්‍යයාට අත්‍යාවශ්‍ය කාරනාවන් වී තිබේ.

නමුත්, නිදහසින් පසුව වරින් වර බලයට පත් වූ ආණ්ඩු නිවැරදි දැක්මකින් තොරව රට පාලනය නොකිරීම හේතුවෙන් 1971 සහ 1989 කාල වකාවානුන් තුලදීත්, 1989 සිට 2009 දක්වා අවුරදු 30කට ආසන්න කාලයක් තිස්සේ උතුරු නැගෙනහිර ඇති තත්ත්වයත් හේතුවෙන් ඉහත දැක්වූ අපගේ පුද්ගල නිදහස ආරක්ෂා කරනු ලබන අයිතිවාසිකම් බොහොමයක් අපට අහිමි විය.

මෙම කාල වකවානුව තුළ මිනිසුන් අතුරුදහන්කරවීම්, නීති විරෝධී ලෙස මිනිසුන් ඝාතනය කිරීම්, වදහිංසා පැමිණවීම්, නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම්, බොරු නඩු පැවරීම් ඉතා බහුලව සිදු වූ අතර වරක ලෝකයේ වැඩිම අතුරුදහන්වීම් වාර්තා වන රට ලෙසත්, නිදහස් මාධ්‍යවේදීන් ඇතුලූ මිනිසුන්ගේ අයිතීන් වෙනුවෙන් කි‍්‍රයාකරන පුද්ගලයන්ට ජීවත්වීමට ඉතාම අනතුරු දායක රටක් ලෙසත් අපගේ රට ඉතිහාස ගත විය.

නමුත්, රටහැර නොගොසින් මේ රටේ ජීවත්වන ප‍්‍රගතිශීලී ජනතාවගේ මැදිහත්වීම මත දශක ගණනාවක සිට පැවත ආ දේශපාලණ සංස්කෘතිය වෙනස් කරමින් ජනතාවට අහිවෙමින් තිබු ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් ඇතුලූ මානව හිමිකම් සුරක්ෂිත කිරීමට පියවර ගනු ලැබූ අතර, අද වන විට එම නිදහස යම් පමණකට සුරක්ෂිත කරගෙන තිබේ.

ඒ හේතුවෙන් අපේ රටේ බරපතල ගැටලූවක් ලෙස පැවති මිනිසුන් පැහැරගෙනයාම්, බලහත්කාරයෙන්  අතුරුදහන්කරවීම් කිසිවක් පසුගිය අවුරුදු 4තුල වාර්තා නොවූ අතර, මාධ්‍යවේදීන් ඇතුලූ සමාජ කි‍්‍රයාකාරීන් කිසිවෙකුට යම් කිසි හෝ අනතුරක් සිදුකළ බවට වාර්තා නොවිනි. එමෙන්ම, මානව අයිතිවාසිකම් කඩවීම් හි යම් අඩුවක් පසුගිය කාලය තුළ වාර්තා වී තිබුනි.

දශක ගණනාවකට පසුව දිනාගත් මෙම නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇතුලූ මානව හිමිකම් තව දුරටත් ශක්තිමත් කිරීමත්, ආරක්ෂා කිරීමත් අප හැමගේ වගකීම වන අතර, එය ආරක්ෂා කිරීමට පෙරට එන ලෙස ඔබගෙන් ඉල්ලා සිටිමු.




2019-08-12
Advertisement

Find us on Facebook