English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියාට කුරුණෑගල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකගෙන් අනතුරු ඇඟවිමක්...


අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියාට කුරුණෑගල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකගෙන් අනතුරු ඇඟවිමක්...

වෛද්‍ය සාෆි සම්බන්ධයෙන් පරික්ෂණ කරන අපරාධ පරික්ෂණ දෙපාර්තමේනතුවේ විමර්ශන නිලධාරියෙකුට කුරුණෑගල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක විසින් අනතුරු හැඟවීමක් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේනතුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

වෛද්‍ය සාෆිගේ සිදුවිම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේනතුවේ සහකාර පොලිස් අධිකාරි තිසේරා ප‍්‍රමුඛ නිලධාරින් කණ්ඩායමක් විසින් පරික්ෂණ සිදු කරනු ලැබේ. ඒ අනුව මොවුන් ඉකුත් ජුලි 26 වෙනිදා කුරුණෑගල රෝහල වෙත ගොස් ඇත්තේ විකිරණශිලි වෛද්‍යවරුන් තිදෙනෙකුගෙන් ප‍්‍රකාශ ලබා ගැනිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේනතුවේ පෙනී සිටීමට අවශ්‍ය අධිකරණ නියෝග භාර දිමටය.

එහිදි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක බව කියන චන්දන කැදන්ගමුව මහතා විසින් සහකාර පොලිස් අධිකාරි තිසේරාගේ සියලු පුද්ගලික තොරතුරු තමන් සතුව පවතින බව ප‍්‍රකාශ කර අනතුරු හඟවා ඇති බව පැවසේ. විමර්ශන නිලධාරියෙකුගේ තොරතුරු රැස් කිරිම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, මේ පිළිබඳ කුරුණෑගල අධිකරණය වෙතද කරුණු වාර්තා කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

-ශානිකා මාධවී පීරිස්-




2019-08-11
Advertisement

Find us on Facebook