English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මට්ටක්කුලිය පොලිස් සිර මැදිරිය තුලදී සැකකරුවෙකු මිය යයි.


මට්ටක්කුලිය පොලිස් සිර මැදිරිය තුලදී සැකකරුවෙකු මිය යයි.

මට්ටක්කුලිය පොලීසීය විසින් ඊයේ  (10) උදෑසන අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවෙකු පොලිස් සිර මැදිරිය තුලදි මිය ගොස් තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ මට්ටක්කුලිය, කදිරාන පාර පදිංචි ජානක ගෝමස් නැමැති විසි හය හැවිරිදි පුද්ගලයෙකි.

ඊයේ  (10) අළුයම මට්ටක්කුලිය පොලීසියේ හදිසි ඇමතුම් අංශය වෙත ලැබුණු දුරකථන ඇමතුමකින් පවසා ඇත්තේ සැක කටයුතු පුද්ගලයෙකු කදිරානවත්තේ පුද්ගලයින් විසින් අල්ලාගෙන ඇති බවත්, ඒ අනුව මට්ටක්කුලිය පොලිස් නිලධාරින් කදිරානවත්ත වෙත ගොස් එම සැකකරුව අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

මේ පිලිබඳ වැඩිදුර විමර්ශනයේදි අනාවරණය වි ඇත්තේ මොහු තෙමහල් නිවසක් වෙත අනවසරයෙන් ඇතුලුව තුන්වෙනි මහලේ සිටියදි එකි නිවසේ කාන්තාවක් අවදිවි මෙම පුද්ගලයාව දැකිම නිසා මොහු තුන්වෙනි මහලේ සිට බිමට පැන ඇති බවත්ය. එහිදි අසල්වාසින් විසින් මොහුව අල්ලාගෙන තිබේ.

එම සැකකරුව මට්ටක්කුලිය පොලිසිය වෙත ගෙන ඒමෙන් පසු උදෑසන 8-9 ත් අතර කාලයේදී මෙසේ මිය ගොස් ඇත.

මේ සම්බන්ධයෙන් බස්නාහිර උතුර පොලිස් අධිකාරිවරයාගේ අධික්ෂණයෙන් විමර්ශනයක් අරඹා තිබේ.

-ශානිකා මාධවී-




2019-08-11
Advertisement

Find us on Facebook