English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ජෙයකුමාරි දින 200ක් සපුරන හෙට .... !

එල්.ටී.ටී.ඊ සංවිධානය හා සම්බන්ධතා පවත්වන්නේ යැයි සැකපිට සිර භාරයට ගත් කිළිනොච්චියේ ධර්මපුරම් හි ජීවත් වු බාලෙන්ද‍්‍රන් ජෙයකුමාරි අත්අඩංගුවට ගෙන හෙට එනම් සැප්තැම්බර් 29 වනදාට දින 200ක් පිරෙනු ඇත. බාලෙන්ද‍්‍රන් ජෙයකුමාරි ඇතුළු රඳවාගෙන සිටින අනෙකුත් දේශපාලන සිරකරුවන් නිදහස්කරන ලෙසට ඉල්ලා සිටිමින් ශ‍්‍රි ලංකා රජයට බලකෙරෙන සාමකාමි උද්ඝෝෂණයක් හෙට (29) පස්වරු 4.00ට කොටුව දුම්රියපොල ඉදිරිපිටදී පැවැත්වෙයි. මේ සඳහා, සැමදෙනාගේ පැමිණීම තුළින් දක්වන සහයෝගය හා බලකිරීම සංවිධායකයින් අපේක්‍ෂා කරයි.

මේ වසරේ මාර්තු මස 13 වෙනි දා(2014) ජෙයකුමාරි සහ ඇගේ 13 වියැති එකම දියණිය මුසාලම්පිට්ටි, ධර්මපුරම් හි ඉන්දියානු නිවාස සංකීර්ණයේ පිහිටි සිය නිවසේදි  සී අයි ඩි අංශය විසින් අත්අඩංගුවට ගනුලැබිණි.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණට අනුව, 13 වෙනිදා උදෑසන ධර්මපුරම් හි වෙඩි තැබිමේ සිද්ධියක් හටගෙන ඇති අතර එම සිද්ධියට අදාළ සැකකරු බෙිරි පළාගොස් ජෙයකුමාරිගේ නිවසේ සැගවි සිටින බවට හඳුනාගෙන ඇති බවත් ඒ පිළිබඳව ජෙයකුමාරිගෙන් ප‍්‍රශ්නකරන බවයි.

මෙි වන විට ජෙයකුමාරි බුස්ස සිර කඳවුරේ ද බාලවයස්කාර සිය එකම දියණිය තවත් රැුඳවුම් ස්ථානයක ද වශයෙන් වෙන්ව ජීවත් වෙන්නට සිදුවි ඇත.
ජෙයකුමාරි මෙසේ අත්අඩංගුවට ගැණුනේ අතුරුදහන්වි සිටින ඇගේ පිරිමි දරුවාව සොයාගැනිමෙහිලා, සමස්ත අතුරුදහන්වුවන් සොයාගැනීමෙහිලා පවත්වනු ලබන ඔිනෑම උද්ඝෝෂණයක, වැඩසටහනක, පා ගමනක පෙරමුණේ ම හිඳිමින් මානව හිමිකම් ක‍්‍රියාකාරීනියක ලෙසට කටයුතු කරමින් සිටින අවධියේය.

හෙට, සඳුදා, පස්වරු 4ට කොටුව දුම්රියපොල ඉදිරිපිට දී ජෙයකුමාරි සහ අනෙකුත් සියලුම දේශපාලන සිරකරුවන් සඳහා යුක්තිය ඉටුකරගැනීමෙහිලා උද්ඝෝෂණ උත්සාහයට සැමදෙනාගේම දායකත්වය ශක්තියක් වනු ඇත. 

-MMP








2014-09-28
Advertisement

Find us on Facebook