English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


"ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාධරයින්ගෙන් ඉටු විය යුතු කාර්ය හුඟාක් වෙනස් එකක්" - නීතිඥ බැසිල් ප්‍රනාන්දු


"ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාධරයින්ගෙන් ඉටු විය යුතු කාර්ය හුඟාක් වෙනස් එකක්" - නීතිඥ බැසිල් ප්‍රනාන්දු

ශ්‍රී ලංකාව සිවිල් සමාජයේ මානව හිමිකම් ක්‍රියාධරයින් ක්‍රියාත්මක විය යුතු ආකාරය අනෙකුත් දියුණු රටවල තිබෙන මානව හිමිකම් ක්‍රියාවලියට  වඩා හුඟාක් වෙනස් එකක් විය යුතු බව ආසියානු මානව හිමිකම් කොමිසමේ අධ්‍යක්ෂක නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා පවසයි.

තවද,

නිතිපතිවරයා ජෙරාඩ්ගේ සිදුවිමට වගකිව යුතුයි. ඔහු කලේ උප පොලිස් පරික්ෂකට දඬුවම් දිම පමණයි. නමුත් කවුද මේක පිටිපස්සේ හිටියේ? සහකාර පොලිස් අධිකාරිවරයෙක්. උප පොලිස් පරික්ෂකයා ඇතුලු කණ්ඩායම හිටියේ ඔහුගේ යටතේ. ඔහුගේ විශේෂ වැටලිම් ඒකකයක් විදිහට. ඔවුන් තමා මෙහිදි ජෙරාඩ් අත්අඩංගුවට ගන්නේ. මේකට අණදුන්නේ ASP වරයාගේ මාර්ගයෙන්. ඒත් මෙතනැදි ඔහු පිලිබඳ කිසිදු හෙලිදරව්වක් වෙන්නෙත් නැහැ. අධිකරණයකට ඉදිරිපත් කෙරෙන්නෙත් නැහැ. ඒ නිසා මෙම නඩුවට යුක්තිය ඉෂ්ඨ වුණා යැයි කියන්නෙත් අර්ධ බොරුවක්.

නිතිපති දන්නවා මේක. ඔහු මුලින් දැම්මා මෙහි පලමු විත්තිකරු විදිහට හිටපු OIC නමුත්, ඊළඟ දිනේදී ඒ නම ඉල්ලා අස් කර ගත්තා. ඒකේම බොරු කරන තත්ත්වයක් තිබුණහම මිනිස්සු ආරක්ෂා වෙන්නේ කොහොමද? මේ සෙල්ලම් කරන්නේ රට වැසියාගේ ජිවිත සමගින්. මේ තත්ත්වය තමා පාස්කු ඉරිදා සිදුවිමට පසුබිමත්. එදා ජෙරාඩ්ගේ සිද්ධිය වලක්වන්න අපරාද නීති ක්‍රමය ක්‍රියාත්මක වෙමින් තිබුණානම් මෙදා සිදුවෙච්ච සිද්ධිය සිදු වන්නේ නැහැ. ආරක්ෂාව පිලිබඳ යම් වාතාවරණයක් හැදෙනවා. අපි යුක්තිය සඳහා සටන් කිරිම නෙමෙයි මේ රටේ මුලිකවම වෙන්න ඕනේ. යුක්තිය පිලිබඳ සටන් කල හැකි වාතාවරණයක් සාදා ගැනිමයි කල යුත්තේ.” යයි, නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.

වීඩියෝව පහතින්....





2019-08-08
Advertisement

Find us on Facebook