English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අතුරුදහන්වුවන් වෙනුවෙන් වූ උත්සාහය තවමත් සකී‍්‍රයයි !


යුද්ධය පැවතෙමින් තිබියදී උතුරේත් නැගෙනහිරත් අතුරුදහන්වු පුද්ගලයින් පිළිබඳ විමර්ශනය කිරීමෙහිලා ජනාධිපතිවරයා විසින් පත්කරන ලද විශේෂ ජනාධිපති කොමිසම මේ දිනවල කිළිනොච්චියේදි ක‍්‍රියාත්මක වෙයි. මෙම කොමිසම පිළිබඳව ඇතැමෙක් ප‍්‍රසාදය පලකරන අතර ඇතැමෙක් විරෝධතාවය දක්වයි. එය විවේනය කරයි. එහි දෝෂ දකියි. අතුරුදහන්වී සිටින සිය ඥාතීන් වෙනුවෙන් මරණ සහතිකය නිකුත්කර වන්දි මුදලක් ලබාදෙන්නට ආණ්ඩුව ගනු ලබන උත්සාහයට අකමැත්ත ප‍්‍රකාශකරන ඥතීහු තමන් විසින් එය භාර නොගන්නා බව තරයේ ප‍්‍රකාශ කරති. එහෙත්, දැනට බොහෝ කාලයකට පෙරසිටම බලධාරින්ගේ උත්සාහය වන්නේ අතුරුදහන්වුවන්ගේ කොමිසමේ නිර්දේශ මත ප‍්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් ඔවුන්ගේ ඥාතින් වෙත මරණ සහතික නිකුත්කර වන්දි මුදල් ලබාදීමටය.

අතුරුදහන්වු පුද්ගලයින් පිළිබඳ සොයාබැලීමෙහි ලා ජනාධිපතිවරයා විසින් පත්කරන ලද  කොමිසම, ඊයේ (සැප් 27) සිට යළි ක‍්‍රියාත්මක වන අතර, ඊයේ පෙරවරුවේදි කිළිනොච්චිය දිස්ත‍්‍රික්කයේ මුලංගාවිල් මහා විද්‍යාලයේදි පැවැත්විණි. හෙට, සැප් 28 වනදා ද එම විදුහලේදී ම කොමිසම ක‍්‍රියාත්මක වෙයි.

අතුරුදහන්වු පුද්ගලයින් 250 දෙනෙකු පිළිබඳව සාක්කි විමසීම කිළිනොච්චියේ පූනකරි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේදි සැප් 29 සහ 30 යන දෙදින සිදුකිරීමට නියමිතය.

මරණ සහතික සහ වන්දි මුදල් ලබාගැනීමට කැමැත්තක් දක්වන අතුරුදහන්වු පුද්ගලයින්ගේ පවුල්වල ඥාතින් හට ප‍්‍රාදේශීය ලේකම් හරහා ඒවා ලබාගත හැකි අතර ඊට අකමැත්ත ප‍්‍රකාශකරන ඥාතීන් සම්බන්ධයෙන් යළිත් වරක් සාක්‍ෂි විමසා ඔවුන්ගේ අභිමතය පරිදි ක‍්‍රියාකිරිම සඳහා රජයට නිර්දේශකරන බව, කොමිසමේ ලේකම් එච්. ඩබ්. ගුණදාස මහතා ප‍්‍රකාශකර ඇත.

එල්ටීටීඊ ය මෙන්ම යුධ හමුදාව ඇතුළු ආරක්‍ෂක අංශ විසින් ද සිය ඥාතීන් පැහැරගෙන ගියේ යැයි මෙම සාක්‍ෂි විමසිමට පැමිණෙන ඇතැම් පිරිස් ප‍්‍රකාශකර ඇත.

මෙම විශේෂ ජනාධිපති කොමිසමෙහි සභාපති ලෙසට මැක්ස්වල් පරණගම මහතා කටයුතු කරයි.

-MMP



2014-09-28
Advertisement

Find us on Facebook