English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


පිහි නැවත භාර දීමට උත්සහ කළ OIC ගේ වැඩ තහනම්!


පිහි නැවත භාර දීමට උත්සහ කළ OIC ගේ වැඩ තහනම්!

පහුගිය වල පොලිස් භාරයට ගැණුනු මන්නා පිහි, අත් පොරෝ නැවත භාර දිමට උත්සහ කළ බව කියන මහනුවර - වෙලම්බඩ පොලිස් ස්ථානයේ වැඩ බලන ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කිරිමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

පහුගිය දිනවලදි වෙලම්බඩ දේවස්ථානයේ තිබු මන්නා පිහි 76 ක් සහ අත් පොරෝ 13 ක් වෙලම්බඩ පොලිස් ස්ථානයේ භාරයට ගෙන තිබුණි. මෙම භාණ්ඩ නඩු භාණ්ඩ ලේඛනයට ඇතුලත් කර තිබියදි ඊයේ 06 දින වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා ක්‍රියා කර තිබේ.

එහිදි මේ පිලිබඳ වෙනත් විශේෂ රාජකාරියක යෙදි සිටි පොලිස් ස්ථානාධිපතිවරයාට දැන ගන්නට ලැබි ඇති බවත්, ඒ අනුව ඔහු මැදිහත් වී වහාම මෙම කටයුත්ත නවතා ඇති බවත්, පොලිසිය පවසයි.

මහනුවර නියොජ්‍ය පොලිස්පතිවරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කර එකී වැඩ බැලු පොලිස් පරික්ෂකවරයා වහාම මහනුවර කොට්ඨාශයට මාරු කර තිබෙන අතර, වැඩ තහනම් කිරිමටද පියවර ගෙන තිබේ.

 -ශානිකා මාධවී-




2019-08-07
Advertisement

Find us on Facebook