English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ශක්තිකගේ ඇප කොන්දේසි සැපිරීමට භික්ෂුවකගෙන් චරිත සහතිකයක් ඉල්ලයි!


ශක්තිකගේ ඇප කොන්දේසි සැපිරීමට භික්ෂුවකගෙන් චරිත සහතිකයක් ඉල්ලයි!

බුදුදහමට අපහාස වන පරිදි කෙටි කතාවක් ලිව්වේ යැයි චෝදනා කරමින් අයි.සී.සී.පී.ආර් පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ලේඛන ශක්තික සත්කුමාරට අගෝස්තු 05 වන දින එනම් ඊයේ දිනයේ කුරුණෑගල මහාධිකරණයෙන් ඇප ලබා දුන්නද එකී ඇප නියෝගය අද වන විට (අගෝස්තු 06) පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධීකරණයට ලැබී නැති නිසා ලබන 08 වන දින මෙම නඩුව නැවත කැඳවන තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පොල්ගහවෙල මහේස්ත්‍රාත්වරියට අද සිදු විය.

ලේඛක ශක්තිකට ඇප ලබා දුන් බව මුලු රටම දැනගෙන සිටියද මෙම නඩුව පැවරූ පොල්ගහවෙල පොලීසියේ එදින අධීකරණ කටයුතු භාර පොලිස් නිලධාරියාද අධීකරණයේදී එය පිළිගෙන තිබුණද ලංකාවේ නීතියේ ප්‍රතිපාදනයක් නොමැති බැවින්ද ඇප නියෝග වැනි පුද්ගලයකුගේ නිදහස පෞද්ගලිකත්වයට බලපාන නියෝග සඳහාද අනෙක් කටයුතු මෙන්ම අධිකරණ පරිපාලන අංශ මන්දගාමී ලෙස ක්‍රියා කිරීමත් එවැනි නියෝග සඳහාවත් ප්‍රමුඛතාවයක් ලබා දීමේ ක්‍රමයක් නොවීමත් හේතු කොට ගෙන ශක්තිකට තවත් දින දෙකක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීමට සිදු වී ඇත.

මෙම නඩුවේ ශක්තික වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අථිල ආතාවුද මහතා පොල්ගහවෙල පොලීසියේ ශක්තිකට එරෙහිව කරන ලද තවත් පහත් ක්‍රියාවක් පිළිබඳව හෙළිදරව් කරන ලදී. ශක්තිකගේ ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට පොලිස් වාර්තාවක් ලබා ගැනීමට පොල්ගහවෙල පොලීසියට ගිය ශක්තිකගේ බිරිඳට පොලීසිය බෞද්ධ භික්ෂුවක් ඇතුළු තවත් පස් දෙනෙකුගෙන් ලබා ගත් චරිත සහතික පහක් ගෙන එන ලෙස පවසා ඇති බව එම නීතිඥ මහතා ගරු අධිකරණයට දැනුම් දී ඇත.

ශක්තික අත්අඩංගුවට ගැනෙන්නේ එම ප්‍රදේශයේ බෞද්ධ භික්ෂූන් විසින් කරන ලද පැමිණිල්ලක් හේතුවෙන් වන අතර බෞද්ධ භික්ෂූන් ශක්තිකට එරෙහිව අවි අමෝරාගෙන සිටින පසුබිමක පොලීසිය විසින් කරන ලද මෙම ඉල්ලීම ඉතා පහත් මට්ටමේ එකකි.

-දුලාන් දසනායක-




2019-08-06
Advertisement

Find us on Facebook