English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ගර්භාෂයේ සැත්කමට අත කැපු සිද්ධියට මාරවිල රෝහලෙන් වාර්තාවක් කැඳවයි!


ගර්භාෂයේ සැත්කමට අත කැපු සිද්ධියට මාරවිල රෝහලෙන් වාර්තාවක් කැඳවයි!

මාරවිල රෝහලට ගර්භාෂ සැත්කමක් සඳහා පැමිණි මවකගේ අතක් කපා ඉවත් කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා දින දෙකක් තුල ඒ පිලිබඳ සම්පුර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් මාරවිල රජයේ වෛද්‍ය නිලධාරින්ගේ ශාඛා සංගමය වෙත දැනුම් දි තිබේ.

මෙකි සිදුවිම තමන් හට අද උදෑසන ආරංචි වු විගසින් මේ පිලිබඳ වාර්තාවක් ඉල්ලු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගමගේ මහතා පවසයි.

ඉකුත් 20 වෙනි දින මාදම්පේ පදිංචි හැත්තෑ අට හැවිරිදි පැටිශ්‍රියා ලිලාවති නමැති කාන්තාව මාරවිල රෝහල වෙත ඇතුලත් වි ඇත්තේ ගර්භාෂය ඉවත් කර ගැනිමේ සැත්කමක් සඳහාය. ඉකුත් 22 වෙනි දින මෙම කාන්තාවගේ ගර්භාෂය ඉවත් කරනු වෙනුවට සැත්කමින් කර ඇත්තේ වම් අතේ කොටසක් කපා ඉවත් කිරිමය.වෙනත් කිසිදු රෝගයක් නොතිබුණු සිය මව මේ වනවිට දැඩි අසාධ්‍ය තත්වයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් මෙය සිදු වුයේ මාරවිල රෝහලේ නොසැලකිල්ලෙන් බවත් ඇයගේ පුතෙකු වන උපෙන්ද්‍ර අල්මේන්ද්‍ර මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි.

මීට පෙරද මෙම රෝහල වෙත පපුවේ අමාරුවකින් පැමිනි මවකට උදරයේ සැත්කමක් කිරිමට උත්සහ කල පුවතක්ද වාර්තා විය.

කෙසේ නමුදු මෙම සිදුවිම් පිලිබඳ ශාඛා සංගමයෙන් වාර්තාව පැමිණි පසු විමර්ශන ආරම්භ කිරිමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය බලාපොරොත්තු වේ.


-ශානිකා මාධවී-




2019-08-06
Advertisement

Find us on Facebook