English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


පොලිස් කොමිසමෙන් 73 කට ස්ථාන මාරු!


පොලිස් කොමිසමෙන් 73 කට ස්ථාන මාරු!

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරින් 73 කුට ස්ථාන මාරුවිම් ලබා දිමට ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 04 කු පොලිස් අධිකාරිවරුන්  විසි තුන දෙනකුට, සහකාර පොලිස් අධිකාරිවරුන් විසි හතර දෙනකු, ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් දහ තුන් දෙනෙකු හා පොලිස් පරික්ෂකවරුන් නව දෙනෙකුට මෙසේ ස්ථාන මාරුවිමි ලැබි තිබේ.

පල්ලේවෙල පොලිස් වසමේ නිති විරෝධි මත්පැන් පානය කල පුද්ගලයින් පිරිසක් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන්ද පල්ලේවෙල පොලිස් ස්තානාධිපතිවරයා, අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරිවරයා හා ගම්පහ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාද මෙම ස්ථාන මාරුවිම් ලැබු පිරිස අතර වේ.

-ශානිකා මාධවී-




2019-08-06
Advertisement

Find us on Facebook