English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


රටක් සංවර්ධනය කරනවා හා සමානවම බන්ධනාගාරයත් ක්‍රමවේදයක් අනුව සකස් විය යුතුයි!


රටක් සංවර්ධනය කරනවා හා සමානවම බන්ධනාගාරයත් ක්‍රමවේදයක් අනුව සකස් විය යුතුයි! - එම්. පී  සරත්චන්ද්‍ර (විශ්‍රාමික සහකාර බන්ධනාගාර කොමසාරිස්)

බන්ධනාගාර වන තැනැත්තෙකුට බන්ධනාගරය තුලදි විශේෂත්වයක් දක්වා කටයුතු කළහොත් සමස්ථ බන්ධනාගාර ක‍්‍රියාවලියම බිඳ වැටෙන බවත් රටක් සංවර්ධනය කරන්නාසේම බන්ධනාගරයද සංවර්ධනය විය යුතු බව  විශ‍්‍රාමික සහකාර බන්ධනාගාර කොමසාරිස් එම්. පී  සරච්චන්ද්‍ර මහතා පවසයි.

වරදක් කළ විට සමාජයෙන් ඒ පුද්ගලයා අයින් කෙරේ, නැතහොත් සමාජයෙන් වෙන් කෙරේ. මරණ දඬුවම ඇත්තේ සමාජයෙන් ඉවත් කිරිමටය. දෙවැනි කරුණෙන් සිදු කෙරෙන්නේ සමාජයෙන් වෙන් කර පිඩනයක් ඇති කරවිමය. තුන්වැනි කරුණ වන්නේ ඔහුව සමාජයේ අනුගත කරවිමය. සමාජ අනුගත කරන පුද්ගලයෙකු නැවත අපරාධයක් කිරිමට පෙළඹෙන්නේ නැත. එහි ක‍්‍රමානුකූලව පියවර ගණනාවක් ඇත.

පළමුව බන්ධනාගාරය තුලට පැමිණෙන පුද්ගලයාව හොඳින් අවබෝධ කර ගත යුතුය. විදේශයේ නම් බන්ධනාගාරය තුලට පැමිණෙන්නෙකු මනෝ වෛද්‍යවරයෙකු හා බන්ධනාගර අධිකාරිවරයෙකු වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ඔහුට අයත් බන්ධනාගර වාට්ටුව නියම කරනු ලැබුවද මෙතෙක් එය ලංකාවේ ක‍්‍රියාත්මක වන්නේ නැත.

මෙරට ඉංග‍්‍රිසි ආණ්ඩු සමයේ පළමු වරට වැරදි කරන පුද්ගලයා වැලිකඩ බන්ධනාගාරයටත්, දෙවැනි වතාවට වැරදි කරන පුද්ගලයා බෝගම්බරටත් තුන්වැනි වරටත් වැරදි කරන පුද්ගලයා මහර බන්ධනාගාරයටත් ලෙස බෙදා නම් කර තිබුණි.ඒ අනුව අපරාධත් විවිධාකාරයෙන් ශ්‍රේණි ගත වේ. ක්ෂණික අපරාධ ,සංවිධානාත්මක අපරාධ හා සමාජ අපරාධ ලෙසය.

නමුත් වර්තමානය වන විට රට සකස් වි ඇත්තේ අවිධිමත් ක‍්‍රමවේදයන් රාශියකට මැදිවය. නිතිය ක‍්‍රියාත්මක කරන නිලධාරින්, අපරාධකරුවන්, බන්ධනාගාර නිලධාරියා හා දේශපාලකයා අතර සාමුහික සම්බන්ධතාවයක් වර්තමානයේ ගොඩ නැගි තිබේ. මෙවැනි සබඳතා ගොඩනැගිම නිසා පුද්ගලයෝ අපරාධ කිරිමට බිය වන්නේ නැත. ඔවුන් අපරාධයක් කර බන්ධනාගර ගත වුවද එතුල සිටින්නේත් විශේෂිතයෙකු පරිදිය. ඒ ඔහුගේ පවතින සම්බන්ධතා නිසාය.

මේවා වැලැක්විමට බන්ධනාගාර නිලධාරින්ට විධිමත් පුහුණුවක් ලබා දි දැඩි නිති රිති ඇති කල යුතුව ඇති අතර නිලධාරින් බඳවා ගැනිමේදිද එය විධිමත් කල ආකාරයෙන් විය යුතුය.

එමෙන්ම බන්ධනාගාරය තුලදි සිරකරුවන්ට අධ්‍යාපන ,වෘත්තිය පුහුණුව ලබා දි ඔවුන්ගේ හැකියාවන් වර්ධනය කල යුතුව ඇති බව විශ‍්‍රාමික සහකාර බන්ධනාගාර කොමසාරිස් එම්. පී සරච්චන්ද්‍ර මහතා වැඩිදුරටත් පැවසීය.

අදහස් දැක්වීම පහත වීඩියෝවෙන්....


 

-ශානිකා මාධවී-




2019-08-05
Advertisement

Find us on Facebook