English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


පොලිසියට එරෙහිව මහජන පැමිණිලි 4805 ක්! - ජාතික පොලිස් කොමිෂන් සභාව


පොලිසියට එරෙහිව මහජන පැමිණිලි 4805 ක්! - ජාතික පොලිස් කොමිෂන් සභාව

පොලිස් කොමිසමේ පැමිණිලි අතරින් වැඩිම පැමිණිලි පොලිසිය නිසි ලෙස ක‍්‍රියා නොකරන බවට හා ඉකුත් තෙවසරක කාලය තුල පොලිසියට එරෙහිව මහජන පැමිණිලි 4805 ක් ලැබි ඇති බව ජාතික පොලිස් කොමිෂන් සභාව පවසයි. 2015 ඔක්තෝමබර් 14 වෙනි දා සිට 2018 අගෝස්තු 31 දක්වා කාලය තුල මෙකි පැමිණිලි ලැබි තිබේ.

එහිදි වැඩිම පැමිණිලි ප‍්‍රමාණයක් ලැබි ඇත්තේ පොලිසිය විසින් ක‍්‍රියා නොකිරිම සම්බන්ධයෙනි. බලය අනිසි ලෙස යෙදවිම, පක්ෂග‍්‍රාහිත්වය, පහරදිම්, නිති විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන රඳවා ගැනිම්, බොරු චෝදනා නැගිම් හා රිමාන්ඩ් භාරයේ තැබිම්, වද හිංසා, කාන්තාවන්ට - ළමුන්ට හිංසා කිරිම් හා අපයෝජනය කිරිම්, අල්ලස් හා දුෂණය, පොලිස් අත්අඩංගුවේදි මරණයට පත් විම, මත්ද්‍රව්‍ය වැරදි හා වෙනත් යන චෝදනා යටතේ මෙම පැමිණිලි 4805 ඉදිරිපත්ව ඇත.

මෙම පැමිණිලි අතුරින් පොලිසියට එරෙහිව වැඩිම පැමිණිලි ප‍්‍රමාණයක් ලැබි අත්තේ 2016 වසරේදිය. පැමිණිලි 1879 ක් එහිදි ලැබි තිබේ.

ඉකුත් වසරේ පළමු මාස අට තුල පමණක් පැමිණිලි 993 ක්  ලැබි ඇත.

මෙකි තෙවසරක කාලය තුල ලැබුණු පැමිණිලි 4805 න් 4179 ක පරික්ෂණ අවසන් කිරිමට ජාතික පොලිස් කොමිෂන් සභාවට හැකිව තිබේ. එමෙන්ම නිලධාරින් 293 කුට එරෙහිව විනය විරෝධි ක‍්‍රියා මාර්ග ගෙන තිබේ. පරික්ෂණ 595 ක් අවසන් කර නොමැති බවත් ඒ අනුව සම්පුර්ණ කළ විමර්ශන සංඛ්‍යාව සියයට 86 ක් බවත් ජාතික පොලිස් කොමිෂන් සභාව වැඩිදුරටත් සිය ප‍්‍රගති සටහනින් දක්වා තිබේ.

තවද මෙම පැමිණිලි වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇත්තේ බස්නාහිර පළාතෙන් විමද විශේෂත්වයකි.

-ශානිකා මාධවී-




2019-08-05
Advertisement

Find us on Facebook