English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


වෙබ් වැඩමුළුවට තහංචි ! මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ද ?


මාධ්‍යවේදීන්ට ඒකරාශී වන්නට ඉඩ නොදෙන්නේ කවර හේතුවක් මත  ද ? වෙබ් මාධ්‍යවේදින් සිය වෘත්තියට අදාළ දැනුවත් විම් ලබාගැනීම කවර අයෙකුට, කවර පාර්ශවයකට රිදුම් දෙන්නේ හෝ පහරක් වන්නේ හෝ ප‍්‍රශ්නයක් වන්නේ මන්ද ? කාටත් අගතියක් නොවන දෙයක් කිරිමේ නිදහස මෙරට පුරවැසියන් හට අයත් නොවන්නේ නම්, තවදුරටත් ඔවුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදි රටක පුරවැසියන් යැයි කිව හැකිද ?


අද එනම්, සැප්තැම්බර් 27 දා මීගමුව කුඩාපාඩුව ”රාණි බීච් රිසෝට්” හී දී ආරම්භකරන්නට සැළසුම්කර තිබුණු වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ දෙදින පුහුණු වැඩමුළුවක් ත‍්‍රස්තවාදි විමර්ශන ඒකකය(ටී අයි ඞී) සහ ජාතිය ගොඩනැගීමේ සංගමය විසින් කඩාකප්පල් කල බව වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ප්‍රෙඞී ගමගේ මහතා අයිතිය ට ප‍්‍රකාශ කළේය.

”අද උදැසන දුරකථනයෙන් මා ඇමතු පුද්ගලයෙකු රාණි බීච් රිසා්්ට් හෝටලයේදි ජනමාධ්‍යවේදින් සඳහා වැඩමුළුවක් තිබෙන්නේ දැයි විමසමින් ,එවැන්නක් පැවත්වුවහොත් කොළඹින් 200 ක් 300ක් පමණ දෙනා හෝටලය වැටලීමට සුදානමින් සිටින බව ප‍්‍රකාශ කළා.”යැයි ප්‍රෙඞී ගමගේ පැවසීය.

ඒ අතර, අද උදැසන සිවිල් ඇදුමින් සැරසුණූ පුද්ගලයින් කණ්ඩායමක් ”රාණි බීච් රිසෝට්” හෝටලයට පැමිණ ජනමාධ්‍යවේදින් සඳහා වැඩමුළුවක් පවත්වන්නේ දැයි විමසා ඇති අතර, එවැන්නක් සිදුවුවහොත් කොළඹ සිට දෙතුන් සියයක පමණ පිරිසක් පැමිණ හෝටලය වැටලිමට සුදානමින් සිටින බවට අනතුරු හඟවා ඊට ඉඩ නොදෙන ලෙසට නියෝග කර තිබුණි.

”ඒ සමඟම ”රාණි බීච් රිසෝට්” හී පාලනාධිකාරිය විසින් ද මා අමතා කියා සිටියේ අද සිදුකිරිමට නියමිත වැඩමුළුව සම්බන්ධව උදැසන සිටම විවිධ පුද්ගලයින්ගෙන් දුරකථන තර්ජන පැමිණෙමින් තිබෙන බැවින් එම වැඩමුළුව පැවැත්වීමට ඉඩ ලබාදිය නොහැකි බවයි.

”අන්තර්ජාල ආරක්‍ෂණ” පිළිබඳව වෙබ් මාධ්‍යවේදින් දැනුවත් කිරිම සඳහා වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය විසින් මෙම වැඩමුළුව සැළසුම්කර තිබිණි.

-MMP



2014-09-27
Advertisement

Find us on Facebook