English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


19 න් පන්නරය ලැබූ අල්ලස් කොමිසම


19 න් පන්නරය ලැබූ අල්ලස් කොමිසම

අල්ලස, දුෂණයට එරෙහිව මෙරට නැඟී සිටින්නේ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවය. 1958 වසරේදි අල්ලස් දෙපාර්තමේනතුව පිහිටුවිමෙන් පසු එදා සිට ක‍්‍රියාකාරිත්වයේ තිබුණද එහි විමර්ශන වලට දේශපාලන ඇඟිලි ගැසිම් තිබු බව නොරහසකි. එහෙත් 19 වෙනි සංශෝධනයෙන් පසු අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට තම කැමැත්ත මත විමර්ශන ආරම්භ කිරිම සඳහා වු බලතල අතිරේකව ලබා දිම සිදු කෙරුණි. මෙයින් කොමිෂන් සභා වල ස්වාධිනත්වය ඇති විය.

අල්ලස් කොමිසම යනු හුදෙක් විමර්ශනය කිරිම්, නඩු පැවරිම් හා පැමිණිලි මෙහෙයවිම පමණක් නොව ඊටත් එහා වගකිම් රැසක් පිරුණු කොමිසමකි. ඒ අතර සාරථක විමර්ශන නිලධාරින් බඳවා ගැනිමේ සිට එක්සත් ජාතීන්ගේ සංවිධානයට වාර්තා කිරිම් ආදියද වේ.

පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට විනා මෙකි කොමිෂමේ පරමාර්ථය වන්නේ සාර්ථක නඩුවක් ගොනුකොට පැමිණිල්ල විධිමත්ව මෙහෙයවිමය.

අල්ලස,දුෂණය හා වත්කම් සම්බන්ධයෙන් නීති සංශෝධනයක් 1994 සිටම සිදු වි තිබුණේ නැත. පසුව ඒ පිලිබඳ කරන ලද අධ්‍යනයකින් අදාල නිති සංශෝධනය කිරිම ජනාධිපති මගින් අමාත්‍ය මණ්ඩලය වෙත යෝජනා ඉදිරිපත් කෙරුණි. එහිදි අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියෙන් අදාල නිති සංශෝධනය විය. එහිදි අත්‍යවශ්‍ය සංශෝධන පනතක් ලෙස 2018 අංක 22 දරණ සංශෝධනයෙන් මෙතෙක් මහේස්ත‍්‍රාත් අධිකරණයේ පමණක් ගොනු කිරිමට හැකි වු දුෂණය යටතේ ගැනෙන නඩු මහධිකරණයේ ගොනු කිරිමට හැකි වී තිබුණි. එමෙන්ම තවදුරටත් අල්ලස් පනත, පරික්ෂණ කොමිෂන් සභා පනත, වත්කම් ප‍්‍රකාශ කිරිමේ නිතිය, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත සංශෝධනය කිරිමට පියවර ගනිමින් සිටින්නේය.

අල්ලස් කොමිසමේ වැඩි ප‍්‍රගතියක් දක්නට ලැබුණේ ඉකුත් දෙවසරක කාලය තුලය. එහිදි හිටපු අභියාචනාධිකරණ විනිශ්චයකාර, හිටපු අමාත්‍යවරුන්, රාජ්‍ය මුද‍්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති, ශ‍්‍රි ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති, ඇවන්ගාඩ් සභාපති ඇතලු සමාජයේ උසස් තනතුරු දැරු පුද්ගලයින් රැසක් අත්අඩංගුවට ගනු ලැබුණි.

නමුත් මෙම කොමිසමේ ඉතිහාසය තුල අත්අඩංගුවට ගැනුනු ඉහළම නිලධාරියා වුයේ ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියාය.

2018 වසරේ මැයි මස 09 වනදා හෝ ඊට ආසන්න දිනකදි කන්තලේ සිනි සමාගමට අයත් අබලි ද්‍රව්‍ය විකිණිමට අදාල කටයුතු කර දිමට ඉන්දියානු ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 54 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනිමට යාමේදි අල්ලස් කොමිසමේ නිලධාරින් විසින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානි ආචාර්ය අයි.එච්.කේ.මහානාම හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අය 2018-05-03 වෙනි දින අත්අඩංගුවට ගෙන තිබුණි. මෙය අල්ලස් කොමිසම

සිය ස්වාධීනත්වය මැනවින් ප‍්‍රකට කල අවස්ථාවක් විය.

නමුත් මේ වනවිට අල්ලස් කොමිසමට භෞතික වශයෙන් බාධා ගෙන දිමට පටන් ගෙන තිබේ. ප‍්‍රමාණවත් කාර්යාල පහසුකම් නොමැති විම, පවතින ගොඩනැගිලි ඉරිතලා යාම ඒ අතර වේ. එමෙන්ම මෙහි නඩු මෙහෙයවන නිති නිලධාරින්ගේ වැටුප් අඩු මට්ටමක පවතින හෙයින් ඔවුන් දිගටම රඳවා ගැනිමට අපහසු බවද ‍වාර්තා මගින් පෙන්වා දෙනු ලබයි. මෙරට ජනගහනය මිලියන 21 ක් වුවද විමර්ශකයන් 200 ක් වැනි පිරිසක් සිටින බවත් ඉන් 28 ක් නිති නිලධාරින් බවද පැවසේ. එමෙන්ම නිලධාරින් පුහුණු කිරිමට ප‍්‍රමාණවත් ප‍්‍රතිපාදන නොමැති බවත් ජනතා දැනුවත් කිරිමේ කටයුතු වලදි විද්‍යුත් හා ඩිජිටල් ක‍්‍රම භාවිතා කිරිම සඳහා ප‍්‍රතිපාදන අවම බවද ඒ මගින් පෙන්වා දි තිබේ.

මේ අවම පහසුකම් මැද අල්ලස් කොමිසම ඉකුත් වසරේ ජනවාරි 01 දා සිට සැප්තැම්බර් 30 වන දින විට නඩු 35 ක් පවරා තිබේ. එමෙන්ම වැඩිම වරදකරුවන් පිරිසක් ඇත්තේද මෙම කාලයේදිය. ඒ 59 කු වශයෙනි. මෙම සමය තුල සාර්ථක වැටලිම් 29 ක් කර සැකකරුවන් 32 කු අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් කොමිසම මගින් 2005 වසරේ සිට 2018 සැප්තැම්බර් මස අවසන් වන දින විට 918 ක් නඩු පවරා ඇත.





2019-08-04
Advertisement

Find us on Facebook