English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ජෙරාඩ් පෙරේරා සිද්ධිය හා ලංකාවේ නීති ක‍්‍රමයේ ඛේදවාචකය - මහජන මන්ත‍්‍රණ සභාව


ජෙරාඩ් පෙරේරා සිද්ධිය හා ලංකාවේ නීති ක‍්‍රමයේ ඛේදවාචකය - මහජන මන්ත‍්‍රණ සභාව   

වර්ෂ 2002 ජූනි මස 03 වන දින වත්තල පොලීසිය විසින් අත්තනෝමතික ලෙස අත් අඩංගුවට ගෙන කෲර වධහිංසනයන්ට ලක් කර පසුව වර්ෂ 2004 නොවැම්බර් මස 21 වන දින ඝාතනයට ලක් වූ වත්තල ප‍්‍රදේශයේ පදිංචිව සිටි, කොළඹ වරායේ සේවය කළ තිදරු පියෙකු වූ ජෙරාඞ් මර්වින් පෙරේරා මහතාට සිදු වූ අසාධාරණයට එරෙහිව පැවරූ සියලූම නඩු මේ වන විට ජයග‍්‍රහණයෙන් කෙළවර වී තිබේ.

ජෙරාඞ් පෙරේරාට වදහිංසා කිරීම සම්බන්ධව 1994 අංක 22 දරණ වධහිංසා පනත යටතේ නීතිපතිවරයා විසින් වර්ෂ 2003 දී මීගමුව මහාධිකරණයේ පැවරූ නඩුවේ තීන්දුව ද පසු ගිය ජූනි 28 වන දින දෙනු ලැබූ අතර, එම තීන්දුව මගින් මෙහි චූදිතයින් වූ එවකට වත්තල පොලියේ සේවයේ යෙදී සිටි උප පොලිස් පරීක්ෂක සුරේෂ් ගුණසේන හා නලීන් චන්දිමාල් යන අයව වසර 10ක බරපතල වැඩ ඇතිව සිරදඩුවම් හා රුපියල් 50,000ක් බැගින් වූ දඩයකට යටත් කරන ලදි.
 
නමුත්, ජෙරාඞ්ට සිදු වූ මෙම අපරාධයන් සම්බන්ධව යුක්තිය ඉටුවීමට වසර 16ක් බලා සිටීමට සිදුවීමෙන් ශී‍්‍ර ලංකාවේ අධිකරණයන් හි පවතින බරපතල නඩු ප‍්‍රමාදයත්, අපරාධ නඩුවක ප‍්‍රධාන සාක්ෂිකරුවෙක් ආරක්ෂාකර ගැනීමට නොහැකි වීමෙන් අපගේ අපරාධ පරීක්ෂණ හා අපරාධ මැඩලීමේ යාන්ත‍්‍රණයේ ඇති නොහැකියාවන් මුලූ ලොවටම කියා පායි.  
 
ජෙරාඞ්ට අත්වූ ඉරණම අනාගතයේ තවත් කෙනෙකුට අත්නොවීමට මේ සම්බන්ධව සමජය තුළ කතා බහක් නිර්මාණය කිරීමේ අරමුණෙන් ජෙරාඞ් මර්වින් පෙරේරා සිද්ධිය හා ලංකාවේ නීති ක‍්‍රමයේ ඛේදවාචකය යන මැයෙන් මහජන මන්ත‍්‍රණ සභාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. එය අගෝස්තු මස 07 වන දින ප.ව 3.00ට කොළඹ 07, ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ ලයිට් හවුස් ශ‍්‍රවාණාගාරයේ දී පැවැත් වේ.

මෙම මහජන මන්ත‍්‍රණ සභාව සදහා මානව හිමිකම් කොමිසමේ ගරු සභාපතිනිය වන ආචාර්ය දීපිකා උඩගම, ආසියානු මානව හිමිකම් කොමිසමේ අධ්‍යක්ෂ නීතිඥ බැසිල් ප‍්‍රනාන්දු, ප‍්‍රවීන චිත‍්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය විශාකේෂ චන්ද්‍රසේකරන්, පිලිප් දිසානායක යන අය සභාගීවීමට නියමිතව තිබේ.




2019-08-03
Advertisement

Find us on Facebook