English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මරණ දඩුවම අහෝසි කිරීමේ පනතට සහාය දක්වන ලෙස සිවිල් සංවිධාන ඉල්ලා සිටී


එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ලාල් බණ්ඩාරිගොඩ විසින් පුද්ගලික මන්තී‍්‍රයෝජනාවක් ලෙස ගෙන ආ මරණ දඩුවම අහෝසි කිරීමේ පනතට සහාය දක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම මන්තී‍්‍රවරුන් වෙත ලිපියක් ඉදිරිපත් කරමින් සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව ඉල්ලා සිටී. එම සම්පුර්ණ ලිපිය පහත දැක්වේ.  

ලෝකයේ ශිෂ්ට සම්පන්න රාජ්‍ය ක‍්‍රමයෙන් මරණ දඩුවම සිය නීති පොතෙන් ඉවත් කරමින් සිටින යුගයක වසර 2500 වැඩි ආගමික ශික්ෂණයකින් හෙබි අප තවදුටත් මරණ ද`ඩුවම අපරාධ මර්දන ක‍්‍රමවේදයක් ලෙස භාවිතා කිරීම කවර ආකරයකින්වත් යුක්ති සහගත නැත. මරණ දණ්ඩනයෙන් මෙහා අපරාධ මර්දන ක‍්‍රමවේදයන් රාශියක් අද ලෝකයේ සාර්ථකව ක‍්‍රියාත්මක වේ. මරණ දණ්ඩනය ක‍්‍රියාත්මක කිරීම රටක් ලෙස අප බැ`දී සිටින ජාත්‍යන්තර මානුෂීය මූලධර්මවලද පටහැනිය. එම නිසාම පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ විසින් පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් වශයෙන් මේ වන විටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මරණ ද`ඩුවම අහෝසි කිරීමේ පනත් කෙටුම්පතට ඔබ සියලූදෙනාගේ සහය ලබා දෙන ලෙස සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව ලෙස අප ගෞරවයෙන් ඉල්ලා සිටිමු.  

අප මරණ දඩුවම අහෝසි කළ යුතු බවට අවධාරණය කරන්නේ කාරණා කිහිපයක් මුල්කොටගෙනය. මෙම පනත් කෙටුම්පතට සහය දැක්වීමේදී මෙම කාරණා කෙරෙහිද අවධානය සහ සැලකිල්ල යොමු කරන ලෙස අප ඔබගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

01. මරණ දඩුවමෙන් අපරාධ මර්දනය කිරීම

මරණ දඩුවම ලබා දීමෙන් අපරාධ අඩු වන්නේද යන්න සම්බන්ධයෙන් ලෝකයේ සිදුකර ඇති අධ්‍යයනයන්, පර්යේෂණ වාර්තාවන් විසින් පෙන්වා දෙන පරිදි අපරාධ මර්දනයට මරණ දඩුවම කිසිදු බලපෑමක් නොකරයි. එම නිසාම අද මරණ දඩුවම අහෝසි කිරීම ලෝක ප‍්‍රවණතාවයක්ව ඇත. එසේ තිබියදීත් වසර 45කට ආසන්න කාලයක් මරණ දඩුවම භාවිතයට නොගත් රටක් ලෙස ලංකාව මරණ දණ්ඩනය යළි ක‍්‍රියාත්මක කිරීමට උත්සාහ දැරීම අප තරයේ හෙළා දකින්නෙමු. ඵලදායී සහ කාර්යාක්ෂම අධිකරණ පද්ධතියක්, සාධාරණ සමාජ වටපිටාවක් රටක අපරාධ අඩු කිරීමෙහිලා හේතු වනු මිස මරණ දණ්ඩනය පැමිණවීම අපරාධ මර්දනය කිරීමෙහිලා හේතු වූ බවට කිසිදු සාධකයක් මෙතෙක් හමු නැත.  
 
02. මත්ද්‍රව්‍ය ජාවාරම මරණ දඩුවමෙන් පාලන කළ හැකිද ?

මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් ඇතිව තිබෙන සමාජීය ගැටලු සහ හානිය අප හොදින්ම හදුනාගන්නා නමුත් එම තත්ත්වය පාලනය කිරීම ස`දහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ ද`ඩුවම පැමිණවීම කිසිසේත් යුක්ති සහගත කිරීමට නොහැකිය. ලංකාව මත්ද්‍රව්‍ය නිෂ්පාදනය නොකරන නමුත් මත්ද්‍රව්‍ය වෙළෙදාමේ හුවමාරු මධ්‍යස්ථානයක් වශයෙන් පවතී. මත්උවදුරින් රට ගලවා ගැනීමේ අවංක අපේක්ෂාව පෙරදැරිව කළ යුත්තේ ලංකාව මත්ද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානයක් බවට පත් වූයේ කෙසේද? තොග ගණනින් රටට මත්ද්‍රව්‍ය ඇතුල් වීමෙහිලා බලපෑ හැකි වෙරළාරක්ෂක ඇතුළු ආගමන විගමන හා රේගු ආරක්ෂක තත්ත්වයන්හි හිදැස් වසා දැමිය යුත්තේ කෙසේද? යන්න පිළිබ`දව බරපතළ ලෙස අවධානය යොමු කිරීම බව අප අදහසයි.

බන්ධනාගාර තුළ මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය වෙළෙදාම සිදුවන බව සත්‍යයකි. බන්ධනාගාරගත ජාවාරම්කරුවන් බාහිර ලෝකය සමග ඉතා හො`දින් සම්බන්ධතා පවත්වා ගනිමින් මත්ද්‍රව්‍ය වෙළෙ`දාමේ නිරත වන්නේ බන්ධනාගාර පරිපාලනයේ ඇති අක‍්‍රමිකතා හේතුවෙන් බව පැහැදිලි කාරණයකි. එනිසා මෙම ක‍්‍රියාවලියට සහය දෙන නිලධාරීන් සම්බන්ධයෙන් සොයා බලමින් ඔවුන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක‍්‍රියාත්මක කිරීමත් මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වළක්වා ගැනීම වෙනුවෙන් ඔබ සියල්ලන්ට කළ හැකි මැදිහත් වීමක් බවත් පෙන්වා දෙනු කැමැත්තෙමු.
 
03.අපරාධ යුක්ති ක‍්‍රමවේදයේ හිදැස්!

මරණ දඩුවමෙන් නිවැරදිකරුවන්ගේ ජීවිත අහිිමි වූ බොහෝ අවස්ථා ඇති බවට ලෝක මට්ටමේ පවා උදාහරණ ඇති බව අප හො`දින්ම දන්නෙමු. අපරාධ යුක්ති විනිශ්චය ක‍්‍රම පද්ධතිය තුළ අවසානයේ ද`ඩුවම් හිමි විය යුත්තේ සැබෑ ලෙසම අපරාධය සිදුකළ තැනැත්තාට වුවත් සාක්ෂි මත පදනම්ව යුක්තිය පසිදලන අප වැනි රටක සාක්ෂි වෙනස් කිරීම්, පොලිස් විමර්ශනයන්හි දුර්වලතා, පොලිස් කට උත්තර ආදී  ඕනෑම තැනක සිදුවිය විය හැකි වෙනස් කිරීමක්, අඩුපාඩුවක් නිවැරදිකරුවෙකු වැරදිකරුවෙකු කිරීමට ප‍්‍රමාණවත්ය. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවද 2018 ජනවාරි 01 වැනි දින ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින්, ‘චූදිතයන් මරණ ද`ඩුවමට ලක්කර කාලයක් ඉක්ම වූ පසුවත් නව විමර්ශන ක‍්‍රම තුළින් පළමු සාක්ෂිවල විශ්වසනීය බව පිළිබ`ද ගැටලු මතු වූ අවස්ථා ඇති බවත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සහ ව්‍යවස්ථාපිත නීතිය යටතේ අපරාධ නඩු කටයුතුවලට නිසි ක‍්‍රමවේදයක් පැවතියත් අවසාන ප‍්‍රතිඵලයට බලපෑ හැකි මානව දෝෂයන් පැවතිය හැකි බවත්’ පෙන්වා දී තිබුණි. මේ තත්ත්වය නිසාම පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ව්‍යවස්ථාමය වශයෙන් තහවුරු කර තිබුණද වරදක් නොකළ පුද්ගලයෙකු වුවද මරණ ද`ඩුවමට ලක්කිරීමේ අවධානම පවතී.

එසේම අපරාධ නඩුවක් වෙනත් රටවල මෙන් අභියාචනා ක‍්‍රියාවලින් පසුව නැවත විවෘත කිරීමට නොහැකි වීම නිසා අපරාධ යුක්ති ක‍්‍රියාවලිය තුළ පවතින අඩුපාඩුකම් මත පදනම්ව යුක්තිය ඉටු කිරීමට නොහැකි වීමේ ඉඩකඩ පවතින බවද මෙහිලා අප අවධාරණය කරමු.

04.චූදිතයින්ට සාධාරණ අවස්ථා නොමැති වීම

පසුගිය වසර දහය තුළ වැරදිකරුවන්වූවන්ගෙන් 73%ක් අට වසර දක්වා උගත් හෝ ඉන් පහළ සුදුසුකම් ලැබූවන්ය. මින් බොහෝමයක් දෙනා ආර්ථීක ¥ගී බවින් පෙළෙන අතර සමාජ, ආර්ථීක වෙනස්කොට සැලකීම් බොහෝ විට අපරාධ ස`දහා මොවුන් පොළඹවන සුළුය. පසුගිය වසර දහය තුළ මරණ දණ්ඩනයට ලක් වී ඇති පුද්ගලයන්ගෙන් අති බහුතරයක් ගොවියන්, කම්කරුවන් වැනි සුළු රැුකියාවල නිරතවන්නන්ය. මොවුන් බොහෝ දෙනෙකුට නීතිය සම්බන්ධ දැනුම ම`දකම, දක්ෂ නීතිඥයින්ගේ සහය ලබා ගැනීමට මූල්‍යමය ශක්තියක් නොමැති වීම තුළ නිවැරදිකරු වුවද වරදකරු වීමේ ඉඩ ප‍්‍රස්තාව ඇති බව අප අදහසයි.

05.මානව හිමිකම් මූලධර්ම සහ මානූෂිය සමාජයක්

ලංකාවේ නීති පොතේ මරණ දණ්ඩනය ලබා දීම ස`දහා නීතිමය ප‍්‍රතිපාදන තිබුණද 1975 වසරේ සිට ඒ ස`දහා කිසිදු ජනාධිපතිවරයෙකු අත්සන් තබා නැත. ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාවේ 11 වන වගන්තිය යටතේ වධහිංසාව කෲර අමානුෂික හා අවමන් සහගත සැලකීම් සහ ද`ඩුවම් තහනම් කර තිබේ. ශ‍්‍රී ලංකාව පිළිගෙන ඇති ජාත්‍යන්තර මානව හිමිකම් මූලධර්මයන් යටතේ මරණ ද`ඩුවම පැහැදිලි ලෙසම අධෛර්යමත් කෙරේ. එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබ`ද සම්මුතියේ
6 වන වගන්තිය ම`ගින් මරණ ද`ඩුවම අහෝසි කිරීමේ දැඩි අවශ්‍යතාවය යෝජනා කර ඇත. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ මරණ දණ්ඩන භාවිතය ‘සමා සහනයට යටත් කිරීම’ ස`දහා වන යෝජනාවට පක්ෂව 2007 සිට 2018 වසර දක්වා ශ‍්‍රී ලංකාව ඡුන්දයද ලබා දී තිබේ. එසේ තිබියදීත් ජනාධිපතිවරයා මරණ දණ්ඩනය කි‍්‍රයාත්මක කිරීමට ගන්නා උත්සාහය රටක් ලෙස අප ආපස්සට හැරීමකි.

මත්ද්‍රව්‍ය, ස්ත‍්‍රී දුෂණ, ළමා අපචාර, මිනීමැරුම් වැනි බරපතළ අපරාධ ස`දහා මරණ දණ්ඩනය ක‍්‍රියාත්මක කළ යුතු බව ජනප‍්‍රිය අදහසකි. සියලු ආකාරයේ වැරදිකරුවන්ට ද`ඩුවම් ලබාදිය යුතු බවත් එය කිසිසේත් මරණීය දණ්ඩනය නොවිය යුතු බවත් අප අදහස් කරනුයේ ඉහත සියලු කාරණාවන් සැලකිල්ලට ගනිමිනි. එක් එක් අපරාධවල බරපතළකම අනුව මරණ දණ්ඩනය හැර ලබා දිය හැකි වෙනත් ද`ඩුවම් මෙන්ම විධිමත් පුනරුත්තාපන ක‍්‍රියාවලියක අවශ්‍යතාවයද අප අවධාරණය කරමු. ඒ අනුව මරණ ද`ඩුවම ක‍්‍රියාත්මක කිරීම හරහා රටක් ලෙස අත්පත් කර ගන්නා අපකීර්තියද හානියද සලකා බලා මෙතෙක් කල් මරණ දඩුවම තාවකාලිකව අත්හිටුවා පවත්වාගැනීමෙන් පැරණි සම්ප‍්‍රදාය ආරක්ෂා කරන අතරම මරණ ද`ඩුවම පූර්ණ වශයෙන් ඉවත් කිරීම ස`දහා මෙම පනත් කෙටුම්පතට ඔබ සියල්ලන්ගේ එක`ගත්වය ලබා දෙන මෙන් අප ගෞරව පූර්වකව ඉල්ලා සිටිමු.  

සිවිල් සමාජ හා වෘත්තිය සමිති එකමුතුව






2019-08-03
Advertisement

Find us on Facebook