English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


කැලණියේ මුස්ලිම් දැරිවියට වෙනත් පාසලක්, මානව හිමිකම් කොමිසම නිර්දේශ කරයි!


කැලණියේ මුස්ලිම් දැරිවියට වෙනත් පාසලක්,  මානව හිමිකම් කොමිසම නිර්දේශ කරයි!

කැළණිය අධ්‍යාපන කලාපයට අයත් විදුහලකට දෙමාපියන් හිස ආවරණය කර පාසලට පැමිණිමේදි ප‍්‍රචණ්ඩ ආකාරයෙන් වැඩබලන විදුහල්පතිවරයා හා ගුරුවරුන් හැසිරිම සම්බන්ධයෙන් යොමු කර තිබු පැමිණිල්ලක් අද 02 දින මානව හිමිකම් කොමිෂන් සභාවේදි විභාගය කෙරුණි.

අගතියට පත් දෙමාපියන් සමග ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතාද අද දින මානව හිමිකම් කොමිෂම වෙත පැමිණ සිටියේය.

එහිදි මාධ්‍ය වෙත අදහස් දැක් වු ජෝශප් ස්ටාර්ලින් මහතා,

දෙමාපියන්ට පාසල පිලිබඳ විශ්වාසයක් නැති වෙලා තියෙනවා. මොකද? හිස ආවරණය කරගෙන පාසලට දරුවා අරන් ගියහම විදුහල දැක් වු ප‍්‍රතිචාරය නිසා. මේ සිද්ධිය නිසා දරුවෝ පාසලෙන් ඉවත් කර ගන්න තැනට වැඩ කටයුතු සිදු කෙරුණා. මේක ඉතාම වැරදි දෙයක්. අද මේ සම්බන්ධයෙන්  පැමිණිල්ල විභාග කලා. එහිදි උපදෙස් ලැබුනේ දරුවා  කලාපයේ වෙනත් පාසලකට යොමු කරන්න කියලා. නමුත් ගුරු සංගමයක් විදිහට අපි ඉල්ලා සිටියේ දරුවා සිටිය පාසලේම සිටිය යුතු බවයි. නමුත් දෙමාපියන් බයක් දක්වනවා දරුවා පාසලට ගියහම පළිගනියි කියලා. මේවා පිලිබඳ අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරින් අවධානය යොමු කල යුතුයි. අපි පහුගියදා අධ්‍යාපන අමාත්‍යවරයගෙනුත් අමාත්‍යාංශ ලේකම්වරයගෙනුත් ඉල්ලා සිටියේ මේ හිරිහැර වහාම නවත්වන්න ඔනේ කියලා. ඒ සඳහා යම් කිසි චක‍්‍රලේඛයක් මගින් හෝ ගුරුවරුන් දැනුවත් කල යුතුයි.

සම්පුර්ණ අදහස් දැක්වීම පහත වීඩියෝවෙන්........


 -ශානිකා මාධවී-




2019-08-02
Advertisement

Find us on Facebook