English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ඉදිරියේදි නව බොදු බල සේනා සංවිධානයක්!


ඉදිරියේදි නව බොදු බල සේනා සංවිධානයක්!

ඉදිරියේදි නව බොදු බල සේනා සංවිධානයක් පිහිටුවන බව සත්කෝරළ මහදිසාවෙි සංඝනායක ශාස්ත‍්‍රපති මහගල්කඩවල පුණ්‍යසාර හිමියන් පවසයි.

දැන් කියන වචනය පැය බාගෙන් වෙනස් කරන ඇතැම් බෞද්ධ නායකයින් නිසා මහා සංඝරත්නයට මහ පාරේ යන්න බැරි තත්ත්වයකට පත්ව ඇති බවද, උන් වහන්සේ පවසයි. මොවුන් එවැනි සමාජයක් බිහි කර දැන් මරණ දඬුවම අවශ්‍ය බව ඇතැමුන් බෙරිහන් දෙන විට ඊට කැමැත්ත ප‍්‍රකාශ කිරිම බෞද්ධ භික්ෂුවකට උචිත නොවන බවද පැවසිය.

නායකත්වයට යහපත් අවවාද, අනුශාසනා දී බෞද්ධ භික්ෂුවකගේ ගෞරවය රැකෙන පරිදි හැසිරිය යුතු අතර කෑකෝ ගසාගෙන ගේට්ටු කඩාගෙන විරෝධතා වලට යාම සුදුසු නොවන බවද, උන් වහන්සේ වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියේය.

ඉකුත්දා හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේ පැවති මහජන විද්වත් සම්මන්ත‍්‍රණයකදි උන් වහන්සේ මේ බව සඳහන් කලේය.

-ශානිකා මාධවී-




2019-08-02
Advertisement

Find us on Facebook