English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මත්ද්‍රව්‍ය ජාවාරමේ මූලස්ථානය බන්ධනාගාරය නම් වැරැද්ද ඇත්තේ බන්ධනාගාර පරිපාලනයේ - පා. ම කරුණාරත්න පරණවිතාන


මත්ද්‍රව්‍ය  ජාවාරමේ මූලස්ථානය බන්ධනාගාරය නම් වැරැද්ද ඇත්තේ බන්ධනාගාර පරිපාලනයේ - පා. ම කරුණාරත්න පරණවිතාන

මත්ද්‍රව්‍ය  ජාවාරමේ මූලස්ථානය බන්ධනාගාරය නම් වැරැද්ද ඇත්තේ බන්ධනාගාර පරිපාලනයේ බවත්, එය අධිකරණ අමාත්‍යාංශය හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් නිවැරදි කළ යුතුව ඇති බව නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.

ඔහු මේ බව ප‍්‍රකාශ කර සිටියේ සිවිල් සමාජ සහ වෘත්තිය සමිති එකමුතුව සංවිධානය විසින් හෙක්ටර් කොබ්බෑකඩුව පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේ පැවති “මරණ ද`ඩුවම අවශ්‍යද? නැද්ද? යන්න” විද්වතුන් විසින් පවත්වනු ලැබු මහජන මන්ත‍්‍රණ සභාවේදීය.

මෙහිදි තවදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කර සිටියේ කුඩු වැනි මත්ද්‍රව්‍ය මෙරටට පැමිණෙන්නේ දේශ සිමා තරණය කරමින් නිසා මෙහිදි නිතිය හා සාමය අමාත්‍යාංශය මෙන්ම ,ජාතික ආරක්ෂාව, විධායකයද මේ සඳහා වගකිමට බැඳි සිටින බවත් ඉන් ඔවුන්ට ගැලවිමට නොහැකි බවද, ප‍්‍රකාශ කර සිටියේය.

මරණ දණ්ඩනයට නියමව සිටින 1400 ක් වැනි පුද්ගලයින් සංඛ්‍යාවක් අතරින් 4 කු පමණක් එල්ලා මැරිමට තෝරා ගන්නා ක‍්‍රවේදයක් ගැන මෙතෙක් නොමැති බවත් එසේ පුද්ගලයින් සිව් දෙනෙකු පමණක් තෝරා ගන්නේ කෙසේද යන්න බන්ධනාගාර නිලධාරින්ටත් ගැටලුවක් වී ඇති බව තමන්ට දැන ගන්නට ලැබුනු බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසිය.

මෙම මහජන මන්ත‍්‍රණ සභාව සඳහා සත් කෝරළ මහදිසාවේ සංඝනායක ශාස්ත‍්‍රපති මහගල්කඩවල පුණ්‍යසාර හිමි, පාර්ලිමේන්තු මන්ත‍්‍රි ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න, නිතිඥ උපුල් කුමරප්පෙරුම යන විද්වතුන් අදහස් පළ කළහ.

-ශානිකා මාධවී-





2019-08-01
Advertisement

Find us on Facebook