English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


දණ්ඩ නීති සංග‍්‍රහයේ පැරණි වචන අළුත් කිරීමට සැරසේ!


දණ්ඩ නීති සංග‍්‍රහයේ පැරණි වචන අළුත් කිරීමට සැරසේ!

දණ්ඩ නීති සංග‍්‍රහයේ යල්පැන ගිය ඇතැම් වචන හා යෙදුම් වර්තමානයට ගැලපෙන ලෙස යොදා ගැනිමට සහ ශ‍්‍රි ලංකාවේ පැවැත්විමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයේ නීති අමාත්‍යවරුන්ගේ රුස්විම “යුක්තියට සමාන ප‍්‍රවේශයක් සහ නීතියේ ආධිපත්‍ය” යන්න තේමා කර ගනිමින් පැවැත්විමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධිකරණ හා බන්ධනාගර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.

අධිකරණ හා බන්ධනාගර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකොරළ මහත්මිය විසින් මෙම යෝජනා  අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. මිට පෙර පොදු රාජ්‍ය මණ්ඩලිය රුස්විම මෙරට පැවැත්විමටද අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දි තිබුණි.

යටත් විජිත සමයේ පනවනු ලැබ අවස්ථා කිහිපයකදි සංශෝධනය වි ඇති දණ්ඩ නිති සංග‍්‍රහයේ ඇතැම් වචන හා යෙදුම් 1972 ජනරජ ව්‍යවස්ථාව සම්මත විමෙන් පසු වර්තමානයේ නොගැලපෙන ඒවා බවට පත්ව තිබේ.

එසේ යල් පැන ගිය ඇතැම් වචන හා යෙදුම් වෙනුවට වර්තමානයට උචිත වචන හා යෙදුම් ආදේශ කිරිමට නිති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර ඇති සංශෝධන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත‍්‍රයේ පළ කිරිමටත් ,අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමටත් අදාලව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

-ශානිකා මාධවී-




2019-08-01
Advertisement

Find us on Facebook