English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


'අයිතිය' නව වෙබ් අඩවිය අද අන්තර් ජාලයට !
මානව හිමිකම් පිළිබදව තොරතුරු ඇතුලත් නවතම ප‍්‍රවෘත්ති වෙබ් අඩවියක් වන අයිතිය වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදාහැරීම අදට යෙදී තිබෙන වධහිංසාවට ලක්වූවන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දින සැමරුම් උත්සවයේ දී සිදු කෙරේ.

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය විසින් සංවිධානය කරනු ලබන මෙම උත්සවය කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි ඔලිම්පික් හවුස් හී දී අද සවස 4ට ආරම්භ වීමට නියමිතව තිබේ.

ශ‍්‍රි ලංකාව පුරා විසිරී සිටින වධහිංසාවට පාත‍්‍ර වු වින්දිතයින් නියෝජනය කරමින් පැමිණි වින්දිතයින්, දෙස් විදෙස් තානාපති නිලධාරින් ද දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන නියෝජිතයින් සහභාගී වන මෙම උත්සවයේ ප‍්‍රධාන තේමාව වන්නේ ”වධහිංසා වැළැක්විම සඳහා ඇති කළ යුතු ප‍්‍රතිසංස්කරණ” යන්නයි.

මෙම උත්සවයේ දී වධහිංසාව පිළිබද වින්දිතයන්ගේ අත්දැකීම් සම්බන්ධ ප‍්‍රකාශන ද අද දින එළිදක්වන්නට සුදානම් කර ඇත.   

අයුක්තිය අසාධාරණය වෙනුවෙන් සිය හඬ ගීතය ඔස්සේ ඔසවන ප‍්‍රවිණ ගායන ශිල්පී ජයතිලක බණ්ඩාරගේ ගීතමය දායකත්වයකින් ද මෙම සමරු උත්සවය අරුත් ගැන්වෙයි.




2014-06-26
Advertisement

Find us on Facebook