English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“පුළුවන්නම් මරණ දඬුවම ගෙනල්ල පෙන්නන්න” : ජනාධිපතිට මහගල් කඩවල පුණ්‍යසාර හිමිගෙන් අභියෝගයක්!


“පුළුවන්නම් මරණ දඬුවම ගෙනල්ල පෙන්නන්න” : ජනාධිපතිට මහගල් කඩවල පුණ්‍යසාර හිමිගෙන් අභියෝගයක්!

“මේ ජනාධිපතිවරයා එක එක කාල වලදී යම් යම් ගැටළු නිර්මාණය කිරීමට උත්සහ කරනවා. ඒක ඔහුගේ දේශපාලන උපක්‍රමයක්. මරණ දඬුවමත් එවැනිම වූ මාතෘකාවක්. එකක්වත් සාර්ථකව ක්‍රියාත්මක කර නෑ. ආගමික නායකයිනුත් සම්බන්ද කරගනිමින් මෙවැනි ප්‍රශ්න සමාජයට දාල ඔහු නිෂ්ශබ්දව ඉන්නවා. ඔහු කතා කෙරුවොත් කරන්නේ නොකෙරෙන වැඩක්. මම අභියෝග කරනවා ජනාධිපතිවරයාට පුලුවන්නම් මරණ දඬුවම ගෙනල්ල පෙන්නන්න කියලා. මොකද මම දන්නවා ඔහු එක කරන්නේ නෑ.”

පුජ්‍ය මහගල්කඩවල පුණ්‍යසාර හිමියන් මේ අදහස් පළකලේ අද (31) හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ශ්‍රවණාගාරයේ පැවති, මරණ දඬුවමට එරෙහිව “මරන්නම ඕනද?” මැයෙන් වූ සම්මන්ත්‍රණයට සහභාගී වෙමිනි. මෙය සිවිල් සමාජ හා වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධානය කර තිබු අතර, නීතිඥ ජයම්පතී වික්‍රමරත්න, නීතිඥ උපුල් කුමාරප්පෙරුම, පාර්ලිමේන්තු කරුණාරත්න පරණවිතාන යන අය අදහස් දැක්වීය.

එම අදහස් දැක්වීම පහත වීඩියෝවෙන්.....





2019-07-31
Advertisement

Find us on Facebook