English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


"අගෝස්තු 15 ට පෙර විසඳුමක් නාවොත් පළාත් සභා, ජනාධිපතිවරණයෙන් පසු!" - මහින්ද දේශප‍්‍රිය


"අගෝස්තු 15 ට පෙර විසඳුමක් නාවොත් පළාත් සබා, ජනාධිපතිවරණයෙන් පසු!" - මහින්ද දේශප‍්‍රිය

පළාත් සභා ඡන්ද විමසිම කුමන ක‍්‍රමයකට හෝ පැවැත්විම සඳහා දින 60 ක කාලයක් අවශ්‍ය හෙයින් මැතිවරණ කොමිෂන් සභාව වෙත අගොස්තු 15 වෙනි දිනට ප‍්‍රථම එකි ක‍්‍රමය පිලිබඳ දැනුම් දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි.

පළාත් පාලන මැතිවරණය ඔක්තොම්බර් 15 ට කලින් පැවැත්විය යුතු බවත් ඊට පෙර මැතිවරණය පැවැත්විමට නොහැකි වුවහොත් එය ජනාධිපතිවරණයට බාධාවක් වන හෙයින් ඔක්තෝමබර් 15  න් පසුව මැතිවරණය තියන්න කියා නීතියක් ආවත් එය තැබිය නොහැකි බව ද ඒ මහතා පවසයි.

ඊට හේතු වන්නේ මේ වනවිටත් ජනාධිපතිවරණය නොවැම්බර් 15 දෙසැම්බර් 07 අතර පවත්වන්න කටයුතු සුදානමින් කරමින් සිටින බවද ඔහු පවසයි.

කථානායකවරයාත් අගමැතිවරයාත් දන්වා ඇති පරිදි ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විමට කිසිදු දේශපාලන පක්ෂයක එකඟතාවයක් නොමැති බවය. නමුත් මැතිවරණ කොමිෂම මගින් ජනාධිපතිවරයාට දන්වා ඇත්තේ කුමන ක‍්‍රමයද සුදුසු යන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසන ලෙසටය. ඔහු එසේ අසනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටින බවත්, එසේ විමසා තින්දුව කඩිනමින් අවශ්‍ය කර ඇති බවද, මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා පවසා සිටියි.

ඊට හේතු වන්නේ පළාත් සභා මැතිවරණය පැවැත්විමට දින 60 ක කාලය මැතිවරණ කොමිෂන් සභාවට අවශ්‍ය හෙයිනි.

-ශානිකා මාධවී -





2019-07-31
Advertisement

Find us on Facebook