English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මරණ දඩුවම අවශ්‍ය ද නැද්ද? මහජන මන්ත‍්‍රණ සභාව - අයිතිය ඔස්සේ සජීවීව


අවුරුදු 43 කට පසුව ශී‍්‍ර ලංකාව තුළ මරණීය දණ්ඩනය නැවතත් කි‍්‍රයාත්මක කිරීමට යන බවට වර්තමාන ජනාධිපතිවරයා විසින් කළ ප‍්‍රකාශයත් සමගම ඊට පක්ෂව හා විපක්ෂව සමාජය තුළ විශාල සාකච්ඡාවක් නිර්මාණය විය.

මේ අතර මරණීය දණ්ඩනය අහෝසි කිරීම සදහා වූ පෞද්ගලික මන්තී‍්‍ර යෝජනාවක් පසුගිය ජුලි 12 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අතර, එම යෝජනාව පිළිගෙන ඒ සම්බන්ධව විවාදය සදහා ද දින මේ වන විට යොදා ගෙන තිබේ.

සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව විසින් මරණ දඩුවම අවශ්‍ය ද නැද්ද යන මාතෘකාව යටතේ මහජන මන්ත‍්‍රණ සභාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, එය අද දින (31) සවස 3ට කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු සහ පර්යේෂණ මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙම මහජන මන්ත‍්‍රණ සභාව සදහා, පුජ්‍ය මහමන්කඩවල පුන්‍යසාර හිමියන්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න, පාර්ලිමේනතු මන්තී‍්‍ර විජේපාල හෙට්ටිආරච්චි, නීතිඥ උපුල් කුමරප්පෙරුම, සමන් රත්නපි‍්‍රය ය නඅය සහභාගී වීමට නියමිතය.

මෙම මහජන මන්ත‍්‍රණ සභාවේ සජීවී විකාශණය අයිතිය ෆෙස් බුක් ඔස්සේ ද ඔබට නැරඹිය හැක.




2019-07-31
Advertisement

Find us on Facebook