English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අගවිනිසුරු සමග සාකච්ඡා කිරිමට එක්සත් ජාතීන්ගේ නියෝජිතයා ඉල්ලිමක් කර නැහැ. - තිලක් මාරපන


අගවිනිසුරු සමග සාකච්ඡා කිරිමට එක්සත් ජාතීන්ගේ නියෝජිතයා ඉල්ලිමක් කර නැහැ. - තිලක් මාරපන

මෙරට අධිකරණයේ විභාග වෙන නඩු ගැන අගවිනිසුරු සමග සාකච්ඡා කිරිමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයා කිසිදු ඉල්ලිමක් කර තිබුණේ නැති බව විදේශ කටයුුුතු අමාත්‍ය තිලක් මාරපන  මහතා පසුගිය 25 පාර්ලිමේන්තුවේදි ප‍්‍රකාශ කර තිබුණේය.

විදේශ කටයුුතු අමාත්‍යාංශයේ වැඩ බලන විදේශ ලේකම් අහමඩ් ජබාර් මහතා විසින් ඉකුත් දිනෙක අධිකරණ හා බන්ධනාගර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ ලේකම්  වෙත ලිඛිතව දන්වා තිබුණේ අමාත්‍යවරිය අතුලු අගවිනිසුරු, මහධිකරණ විනිසුරුවන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයෙකු මෙරටට පැමිණ සිදු කරන සංචාරයක් අතරතුරදි හමු විය යුතු බවය.

මෙහිදි කටුනායකදි වෙලද කාලාපයේ ඇති වූ උද්ඝෝෂණයේ දී වෙඩි වැදි මිය ගිය රොෂේන් චානකගේ නඩුව, 2012 වසරේදි වැලිකඩ බන්ධනාගාරයේ ඇති වු සිද්ධිය, පානිය ජලය ඉල්ලා විරා්ධතාවයේ යෙදුන රතුපස්වල ගම්වාසින්ට වෙඩි තැබිමේ  සිද්ධිය හා අධිකරණ අමාත්‍යාංශයේ සිදු වු සිද්ධියක් පිලිබඳවත් මෙහිදි සාකච්ඡා කිරිමට නියමිතව ඇති බවද සැල විය.

මේ පිලිබඳ සැල වු පාර්ලිමේන්තුවේ විපක්ෂය ඇතුලු මැති ඇමතිවරු ඉකුත් 23 දින පාර්ලිමේන්තුවේදි කථානායක කරු ජයසුරිය මහතාගෙන් ඉල්ලා තිබුණේ මෙම හමුවිම වහාම නවත්වන ලෙසය. මෙය විපක්ෂයේ දැඩි දෝෂ දර්ශනයට ලක් වු අතර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 2 සී වගන්තිය යටතේ අධිකරණයට මැදිහත් විම වරදක් බවද පවසා තිබුණි.

මේ සම්බන්ධයෙන් කථානායකවරයා පවසා තිබුණේ අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුවත් කර වහාම මෙම හමුව නතර කිරිමට පියවර ගන්නා බවය. මෙම හමුව ශ‍්‍රි ලංකාවට මහා අගතියක් කෙරෙන බවත් එය අධිකරණයේ ස්වාධිනත්වයට බාධාවක් බවත් මෙහිදි විපක්ෂය දැඩි ලෙස පවසන්නට වු හෙයින් මෙතුවක් කල් කරලියේ සිටි වෛද්‍ය සාපිගේ සිද්ධිය යටපත්ව ලංකාව පාවා දිමේ මහා කුමන්ත‍්‍රණයක් පිලිබඳ කතිකාවතක් ගොඩ නැගුණි.

2015 වසරේ ජනවාරි සිට එක්සත් ජාතින්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයෙකු මෙරට සංචාරය කෙරේ.දැඩි විනිවිද බවකින් සිදු කෙරුණු මෙම සංචාර අටක් මේ වනවිට සිදුව තිබේ.මෙහිදි සියලු සම්බන්ධිකරණයන් සිදු කර තිබුණේ විදේශ කටයුතු අමාත්‍යාංශය හරහාය.එහිදි මොහු සම්බන්ධ විය යුතු ආයතන සම්බන්ධිකරණය කර දෙනු ලබන්නේ එම අමාත්‍යාංශය හරහාය.ඒ අනව මෙවරද මෙම හමුව සංවිධානය කර තිබුනේ විදේශ කටයුතු අමාත්‍යාංශය හරහාය.

දියේ ගිලෙන මිනිසා පිදුරු ගසෙත් එල්ලෙන්නා සේ මේ අවස්ථාවේ ආණ්ඩුව විවේචනය කරන්නන්ට මෙය ඉතා කදිම ආරංචියක් වි තිබුණි.

විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන පරිදි අගවිනිසුරුවරයා හා මහධිකරණ විනිසුරුවරුන් සමග සාකච්ඡාවේදි ඒ සම්බන්ධයෙන් කටයුතු කිරිමට රජයට බලයක් ඇති බවත් මෙකි විශේෂ නියෝජිතයා කරනු ලබන ඉල්ලිම් සඳහා පහසුකම් සැපයිමට බැඳි සිටියි.

එමෙන්ම ඉහත කි නඩු මිට පෙර නිතිපති සමග පැවති සාකච්ඡාවකදි මතු වු කරුණු බවත් මේ නියෝජිතයා මේ නඩු සම්බන්ධව කිසිදු ලිපියක් ලියා නොමැති බවද විදේශ කටයුුුතු අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදි පැහැදිලි කර සිටියේ රටේ මහජනතාව මුලා කිරිමේ කුමන්ත‍්‍රණයක් වහා නතර කරමිනි.

- ශානිකා මාධවී -



2019-07-29
Advertisement

Find us on Facebook