English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“මානව හිමිකම් උල්ලංඝනයන් පිලිබඳ මුස්ලිම් සමාජයේ දැනුම සීමිතයි” - නීතිඥ ජාවෙඩ් යුසෆ්


“මානව හිමිකම් උල්ලංඝනයන් පිලිබඳ මුස්ලිම් සමාජයේ දැනුම සීමිතයි” - නීතිඥ ජාවෙඩ් යුසෆ්

මානව හිමිකම් ක‍්‍රියාකාරිත්වය පිලිබඳ මුස්ලිම් සමාජයේ ඇති දැනුම ඉතාම සීමිත බැවින් ඔවුන්ගෙන් මානව හිමිකම් කඩවිම පිලිබඳ පැමිණිලි වාර්තා විම අවම වශයෙන් සිදුවෙන බව සෞදි හිටපු තානාපති, මානව හිමිකම් කොමිෂමේ හිටපු සාමාජික, නිතිඥ ජාවෙඩ් යුසුප් මහතා පවසයි.

මුස්ලිම් ප‍්‍රජාවගේ මානව හිමිකම් උල්ලංඝනය වුවත් එය පැමිණිලි කෙරෙන ස්වරූපය වෙනස් බවත් ඊට මුලික හේතුව ඔවුන් ඒ පිලිබඳ නිසි දැනුවත් භාවයක් නොමැතිකම නිසා බවද ඔහු පවසයි.

කිසිදු පුද්ගලයෙකු පහරදිම් වලට කැමති නොවන අතර ඇතැම් විට පහරදිම් සිදු වු අවස්ථා වාර්තා වි ඇති නමුත් එය පැමිණිල්ලක් ලෙස පැමිණෙන්නේ නැති බවද ඔහු පෙන්වා දෙයි.

පොලිස් පහරදිමක් ,පොලිස් අත්අඩංගුවට ගෙන පහර දිමක් සිදු වන්නේ නම් ඇතැම් විට සමහරු සිතන්නේ එය පොලිසියේ සාමාන්‍ය ක‍්‍රියාවක් ලෙස බවද නිතිඥ ජාවෙඩ් යුසුප් මහතා පවසයි. බොහෝ විට එසේ සිතිමට ඔවුන් පෙළඹෙන්නේ අනවශ්‍ය කරදරයක් ඇති කර ගැනිමට ඇති අකමැත්ත නිසා බවද ඔහු පෙන්වා දෙයි.



සටහන - ශානිකා මාධවී




2019-07-29
Advertisement

Find us on Facebook