English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


අපි වෙනුවෙන් අපි !


පිපස නිවා ගන්නට පානීය ජල පොඳක් නිසි ලෙසට නොලබමින් පිඩාවට පත්වී සිටින ජනතා කොට්ඨාශයක් පිළිබඳව වාර්තා වෙයි. පානීය ජල ගැටළුවට විසඳුමක් ඉල්ලා සිටිමින්, හැටන් නෝර්වුඞ් ප‍්‍රදේශයේ පීඩාවට පත්වි සිටින පවුල් 1000 ක් පමණ දෙනා වෙනුවෙන් කාන්තාවන් හා පුරුෂ පක්‍ෂයේ කිහිප දෙනෙක් එකතු වී සත්‍යග‍්‍රහයක් ආරම්භකර ඇත. ඒ, ඊයේ එනම් සැප්තැම්බර් 26 වෙනිදා සිටය.

හැටන්, නෝර්වුඞ් දමිළ මහ විද්‍යාලය ඉදිරිපිට දී වාඩිගෙන ඔවුන් මෙම සත්‍යග‍්‍රහයේ  නිරත වන්නේ, 2005 වසරේදි ආරම්භකළ පානීය ජල ව්‍යාපෘතිය සෑහෙන කලක සිට අඩපණව ගොස් ඇති අතර ඊට විසදුම් ඉල්ලා සිටිය ද ඉන් පලක් නොවූ හේතුවෙනි.

බීමට ජලය නොමැතිව නොර්වුඞ් ප‍්‍රදේශයේ පුවල් 1000 ක් පමණ දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සිටන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

සීඝ‍්‍ර සංවර්ධනයකට උරුම හරුමකම් පාන්නට දැන් දැන් හැකියාවක් ලැබී ඇති ජනතාවක් වෙසෙන පුංචි ශ‍්‍රි ලංකාවේ පුංචි පුංචි කොන්වල තමන්ගේ මුලික අවශ්‍යතාවන්වත් සපුරාගන්නට නොහැකිව විවිධ වු තත්ත්වයන්ගේ දුෂ්කරතා සමඟ ජීවත්වන ජන කොට්ඨාශයන් තවමත් ජිවත්වන බව සත්‍යයකි. ඒ මිනිසුන් මුහුණ දෙමින් සිටින පීඩිත ජිවිතය ගැන නිසි ලෙසට වටහා ගන්නට නම් ඒ ඒ ගම් තුළට ගොස් විමර්ශනය කිරිමෙන් පමණක් දැනගත හැකිය.

මෙවැනි මුලීක අයිතිවාසිකම්වත් නිසි ලෙසට ඉටු නොවන්නාවු කලෙක, අග නගරයේ සිදුකෙරෙන සීඝ‍්‍ර සංවර්ධනය, ඇතැම් විට විනාශකාරි සංවර්ධනය දෙස බලා පමණක් අපේ රට සංවර්ධනය කරා සීඝ‍්‍රයෙන් ගමන්කරනවා කියා කෙසේ කියන්නද !

මුලාශ‍්‍රය  -  අද දෙරණ
-MMP



2014-09-27
Advertisement

Find us on Facebook