English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


පොලිසියෙන් සැකකරුවන්ට කෙරෙන පහරදිම් වල පැහැදිලි අඩුවක් - නිතිඥ ජගත් ලියනාරච්චි මහතා


පොලිසියෙන් සැකකරුවන්ට කෙරෙන පහරදිම් වල පැහැදිලි අඩුවක් - නිතිඥ ජගත් ලියනාරච්චි මහතා

මීට හේතු වි ඇත්තේ පොලිස් නිලධාරින් තුල පවතින ආකල්ප බවද පවසයි. විශේෂයෙන්ම  ඊට හේතු වි ඇත්තේ ඒ මානව හිමිකම් ක‍්‍රියාත්මක විම, වධ හිංසා පනත, මුලික අයිතිවාසිකම් පිලිබඳ නඩු දැමිම නිසා බවද  ඔහු පෙන්වා දෙයි. එමෙන්ම පැරණි පොලිස් නිලධාරින් දැන් සේවයෙන් විශ‍්‍රාම ලබද්දි අලුතෙන් පොලිස් සේවයට එක් වන තරුණ පරම්පරාවගේ ආකල්ප වල ඇති වෙනස මෙයට බලපා තිබෙන බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙනු ලබයි.

ගොඩ දෙනෙකු සිතන්නේ පොලිසියෙන් පහර දෙනු ලබන්නේ කරුණු අනාවරණය කර ගැනිම සඳහා බවය. එහෙත් එය එසේ නොවන බවත් සමික්ෂණයකින් හෙලි වු කරුණු මත අනාවරණය වුයේ බොහෝ පහරදිම් කෙරෙනුයේ විවිධ හේතු නිසා බවත් ඒ මහතා පවසයි. උදාහරණයක් ලෙස ළමා අපචාරයක සැකකරුවෙකුට පොලිසිය ඇතැම් විට පහර දි ඇත්තේ තමන්ගේ දරුවා සිහි විම නිසා සංවේදි වී හෝ කේන්ති යාම නිසාය.

පොලිස් නිලධාරින් සිය දැනුම, නව තාක්ෂණය භාවිතා කරන්නේ නම් පහරදිමකින් තොරව කරුණු අනාවරණය කර ගැනිමටද හැකියාව පවතින බව නිතිඥ ජගත් ලියනාරච්චි මහතා පවසයි.

එමෙන්ම යම් අයෙකුට පහර දි පාපොච්චාරණය කර ගැනිමට අවශ්‍ය නම් සැකකරුට පහර දි ලබා ගන්නා පාපොච්චාරණය ඉතා භයානක විය හැකි බවද ඔහු අවධාරණය කර සිටියි. මන්ද නිදොස් පුද්ගලයෙකුට දිගින් දිගටම පහර දිමක් සිදු වුවහොත් ඔහු නොකළ වැරැද්ද භාර ගැනිමට පෙළඹිය හැකිය. මෙය ඉතාමත් භයානක බව නිතිඥවරයා පවසයි.

තවද පොලිසිය අපරාධකරුවන් නොවන අය ගෙනවිත් කුඩු දමා වැරදිකරුවන් කරන්නා සේම ඇතැම් අපරාධකරුවන්ද පොලිසිය වැරදිකරුවන් බවට පත් කර පොලිසිය අපහසුතාවයට පත් කරන අවස්ථා පවතින බවද පැවසුවේය.

නමුත් අධිකරණය සම්බන්ධ වෛද්‍ය විද්‍යාව අද දියුණු හෙයින් පළපුරුදු විශේෂඥ අධිකරණ වෛද්‍යවරයෙකුට බොරු කිරිමට හැකියාවක් නොමැති බවද ඔහු පැවසිය. තවද අතිතයේ අප දුටුවේ කායික වද හිංසා පමණක් බවත් නමුත් මේ වනවිට මානසික වද හිංසා සම්බන්ධයෙන්ද කටයුතු කෙරෙන බවත්ය.

-ශානිකා මාධවී පීරිස්-




2019-07-25
Advertisement

Find us on Facebook