English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


"යහපාලනය අප්සට් ද...?" - පිලිප් දිසානායක


යහපාලන රජය පිහිටුවා මේ වන විට අවුරුදු 5කට ආසන්න වී තිබේ. රාජපක්ෂ රෙජීමය පරාජය කර විධායක ජනාධිපතිධුරය අහෝසි කරමින් නීතියේ ආධිපත්‍ය පිහිටුවීම ඇතුලූ අනෙකුත් අත්‍යාවශ්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රථිසංස්කරණ සිදු කිරීමත්, දුෂන හා අපරාධවලට සම්බන්ධ තැනැත්තන්ට තරාතිරම නොබලා දඩුවම් කිරීම ඒ මොහොතේ යහපාලන ආණ්ඩුව බලයට පත්කරනු ලැබූ ප‍්‍රගතිශීලී සමාජ බලවේගයන් හි ප‍්‍රධාන අපේක්ෂාව විය.

පොදු අපේක්ෂකයෙකු ජනාධිපති ලෙස පත්කර යහපාලන රජයක් පිහිටුවීමත් පිළිබදව අදහස මූලිකව ඉදිරිපත් වූයේ මේ රටේ සිවිල් සමාජ ව්‍යාපාරය තුළිනි. මෙම අදහස කාලයක සිට සාකච්ඡුා වුවත් එය ප‍්‍රායෝගිකව කි‍්‍රයාත්මක වුයේ 2010 පැවති ජනාධිපතිවරණයේ දී සරත් ෆොන්සේකා මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරමිනි. ඒ අස්ථාවේ දී කුමන හේතුවක් මත හෝ ඒ අදහස පරාජයට පත් වුවත්, 2015 වසරේ දී මේ රටේ බහුතර ජනතාවක් ඒ අදහසට කැමැත්ත පලකරනු ලැබීය. ඒ අනුව ඉහත සිවිල් සමාජ න්‍යාය පත‍්‍රය මත දෙවැනි වර ඉදිරිපත් කරනු ලැබූ පොදු අපේක්ෂකයා වැඩි ඡුන්ද ලක්ෂ පහකට ආසන්න සංඛ්‍යාවකින් ජයග‍්‍රහණය කරනු ලැබූ අතර, එම වසරේ දීම අගෝස්තු මාසයේ පැවැති මහමැතිවරණයේ දී යහපාලන සංකල්ප කි‍්‍රයාත්මක කරන බවට පැවසූ කණ්ඩායමට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ද ලබා දෙනු ලැබීය.

නමුත්, 2015 පැවති මැතිවරණයන්ගෙන් රාජපක්ෂ රෙජීමය පරාජය කිරීමට හැකි වුවත් එම රෙජීමයේ තුළ කි‍්‍රයාත්මක වූ විවිධාකාර බලවේගයන් අකර්මන්‍ය කිරීමට යහපාලන ආණ්ඩුවට කිසිසේත් නොහැකි විය. යහපාලන ආණ්ඩුව පිහිට වූ දා සිට එය පෝය දෙකෙන් පරාජය කරන බවට ගෙන ගිය ප‍්‍රචාරය හා පිහිටුවා ගත් යහපාලන ආණ්ඩු ආකෘතිය තුළ පැවැති විවිධ නොගැලපීම් හා දුර්වලතා හේතුවෙන් ස්ථාවර රජයක් ලෙස කටයුතු කිරීමට යහපාලන රජයට නොහැකි විය.

මෙම සියලූ අස්ථාවරත්වයන් හා දුර්වලතා හමුවේ වුවත්, නිදහසින් පසුව පත් වූ ආණ්ඩුවලට සාපේක්ෂව නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව හිමිකම් සුරක්ෂිත කිරීම පැත්තෙනුත්, නීතියේ අධිපත්‍ය තහවුරු කිරීම පැත්තෙනුත් සැලකිය යුතු වැඩකොටසක් යහපාලන ආණ්ඩුව විසින් සිදු කර තිබේ. එමෙන්ම රාජ්‍ය සේවකයන්ට පඩි වැඩි කිරීම, ගෑස් හා ඉන්දන ජල විදුලි මිල පහත හෙලීම ඖෂධ ඇතුලූ අත්‍යවශ්‍ය දව්‍ය ගණනාවක මිල පහත හෙලීම, 1919 ගිලන් රථ සේවය, පාසැල් දරුවන් සදහා නොමිලේ රක්ෂණය, වැනි ආර්ථික දියුණුව සදහා කළ වැඩ පවා මාකට් කිරීමට මේ රජයට තවමත් නොහැකි වී තිබේ.

ආණ්ඩුවක් ලෙස තමන් කළ දේ සාමාන්‍ය ජනතාවට අතරට පමණක් නොව ආණ්ඩු පක්ෂය නියෝජනය කරන තම පක්ෂයන් හි පාක්ෂිකයින් සමාජිකයින් අතරටවත් ගෙන යාමට මේ රජය අපොහසත් වී තිබේ. මේ අතර අවුරුදු 25කට ආසන්න කාලයක් තිස්සේ විපක්ෂයේ සිටි යහපාලන ආණ්ඩුවේ ප‍්‍රධාන බලවේගයක් වූ එජාපයේ කි‍්‍රයාකාරීන්ට වෙනදා ආණ්ඩුවක් ගත් කල ලැබෙන විශේෂ ප‍්‍රථිලාභ, සහන හා ප‍්‍රාදේශීය දේශපාලන බලය නොලැබී යාමත් නිසා එම කි‍්‍රයාකාරීන්ද යම් කිසි කල කිරීමකට පත්ව සිටී. ඒ හේතුවෙන් ඔවුන් ද සමහර අවස්ථාවල දී විපක්ෂ කි‍්‍රයාකාරීන් සමග එක් වී යහපාලන ආණ්ඩුව විවේචනය කරනු ලබයිි.  

සිවිල් සමාජය ද බලාපොරොත්තු වූ ආකාරයෙන් යහපාලන රජය පොරොන්දු වූ අනෙකුත් දේශපාලන ප‍්‍රථිසංස්කරණයන් සිදු නොකිරීමත්, විශේෂයෙන් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි නොකිරීම, දෂන අපරාධයන්ට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීම ප‍්‍රමාද කිරීමත්, යහපාලන රජයේ සමහර මැති ඇමතීන් ද දුෂණයන්ට සම්බන්ධ බවට ප‍්‍රචාරය වීමත් සමග එම බලවේගයන්ද වෙතින් සෑහෙන විවේචනයක් යහපාලන රජය වෙත එල්ල විය.

එමෙන්ම, විශේෂයෙන් උතුරු නැගෙනහිර වෙසෙන දමිල ජනයා මුහුන දෙන ගැටලූ සදහා ස්ථිරසාර විසදුම් ලබා දීමට ප‍්‍රමාද වීමත්, ඒ පිළිබදව තිබූ උන්දුව යහපාලන රජය තුළ ක‍්‍රමයෙන් හීන වීමත් නිසා එම ප‍්‍රජාවගේ ද දෝශදර්ශනයට යහපාලන රජය ලක්ව තිබේ. මෙහි සියලූම වාසිය පරාජිත රාජපක්ෂ රෙජීමය විසින් ලබා ගනු ලැබූ අතර, පසුගිය පලාත් පාලන මැතිවරණයේ දී ඔවුන් ලැබූ ජයග‍්‍රහණය තුළින් ඒ බව සනාථ විය.

මේ අනුව විපක්ෂය, ආණ්ඩු පක්ෂය, සුලූ ජාතික පක්ෂ, සිවිල් සමාජය හා අනෙකුත් ප‍්‍රගතිශීලී බලවේගයන් සියල්ල යහපාලන ආණ්ඩුව වෙත විවේචනයන් ඉදිරිපත් කරනු ලැබුවත් එහි අරමුණු විවිධය. මෙහි දී විපක්ෂයේ විවේචනය අප මොහොතකට අමතකකර යහපාලන රජය පිහිටුවීමට කැප වූ බලවේගයන්ගේ විවේචනයන් පිළිබදව විමසා බැලීමේ දී පෙනී යන්නේ ඔවුන් ඉදිරිපත් කරනු ලබන සමහර විවේචනයන් යහපාලන සංකල්පයන්ට පවා පටහැනි බවයි. විශේෂයෙන් ආණ්ඩුපක්ෂ නියෝජනය කරන පක්ෂ කි‍්‍රයාකාරීන්ගේ සුලභ ඉල්ලීම් වන, නව රැුකියා, මාරුවීම් හා උසස්වීම්, පාසැල් වලට ළමයින් ඇතුලත් කරවීම්, පොලීසියට සම්බන්ධ ගැටලූ, විවිධ ව්‍යාපෘති ලබා ගැනීම්,  පසුගිය ආණ්ඩුවේ දේශපාලනඥයින් විසින් පවත්වාගෙන යනු ලැබූ නීති විරෝධී විවිධ ව්‍යාපාර ඉල්ලා සිටීම එසේ උදාහරන ලෙස දැක්විය හැකිය.

සිවිල් සමාජය හා සුලූ ජාතික ප‍්‍රජාවෙන් ඉදිරිපත් වෙන විවේචනයන් හි යම් සාධාරණත්වයක් පැවතියත්, ඉන් සමහරක් කරණු මෙතෙක් විසදා ගැනීමට නොහැකි වී ඇත්තේ, අප එහෙන් මෙහෙන් එකතු කර 2015 දී අටවා දුන් යහපාලන අකෘතියෙහි තිබූ අඩුපාඩු නිසා බව ඔවුන් නොසලකා හරී.  
        
මේ සියලූ දුෂ්කරතා අභියෝග මධ්‍යයේ වුවත්, ආණ්ඩුපක්ෂයේම සමහර මැති ඇමතිවරුන්ගේ ද සහයෝගයෙන් යහපාලන ආණ්ඩුවේ ප‍්‍රධානියා වන ජනාධිපතිවරයා විසින් අවස්ථා කිහිපයක දී සිදු කළ කුමන්ත‍්‍රණයන් පරාජය කරමින් යහපාලන සංකල්ප මතම කි‍්‍රයාත්මක වෙමින් එම කුමන්ත‍්‍රණයන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස පරාජයට පත්කරමින්, 2015 ලැබූ ජයග‍්‍රහණයන් ඉදිරියට ගෙනයාමට හැකි ජයග‍්‍රහණයකි, එමෙන්ම, යහපාලන ආණ්ඩුව පොරොන්දු වූ බොහෝ දේ ලබා නොදී සිටිය දී පවා ආණ්ඩුව දුර්වල හැම අවස්ථාවක දීම කොන්දේසි විරහිතව සුලූ ජාතිකයින් හා ඔවුන් නියෝජනය කරනු ලබන පක්ෂ යහපාලන ආණ්ඩුව ආරක්ෂා කිරීමට අන් අයට පෙර ඉදිරියට පැමිණීම ද ෙඓතිහාසිකය.

ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී අයුරින් කවුරු කටයුතු කරනු ලැබුවත්, ඔහු තමන් විසින් පත්කරනු ලැබූ ජනාධිපතිවරයා වුවත් ඊට එරෙහිව පාරට පැමිණ විරෝධතා දක්වන ප‍්‍රගතිශීලී නිර්භීත මිනිසුන් පිරිසක් බිහි වී සිටීමත්, ඊට සහයෝගය දැක්වීම සදහා මේ රටේ සුලූ ජාතිය ලෙස සැලකූ දමිල මුස්ලිම් මිනිසුන් කොන්දේසි විරහිතව එම සටනට සහාය දැක්වීමත් මින් පෙර කිසි දිනක මා දැක නොතිබුනි.



පිලිප් දිසානායක       

 





2019-07-25
Advertisement

Find us on Facebook