English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


මේ සමථ දින ජාතික සැමරුම් සතියයි!


මේ සමථ දින ජාතික සැමරුම් සතියයි!

සමථ මණ්ඩලයේ ඉතිහාසය

මෙරට අධිකරණ වල පවතින නඩු ප‍්‍රමාදයට බලපාන හේතු පිලිබඳ වරින් වර සමාජයේ සාකච්ඡාවට ලක්. එහිදි හෙලි වු කරුණු අතර නඩු ප‍්‍රමාදයට සෘජුව බලපෑම් කරනු ලබන ප‍්‍රධාන කරුණු කිහිපයක් තිබේ. එනම් අධිකරණ ශාලා ප‍්‍රමාණවත් නොවිම, සාක්ෂිකරුවන් පෙනි නොසිටිම, නිතිඥවරුන් විසින් නඩු කල් යැවිම, නඩුවට අදාල ඇඟිලි සලකුණු, රස පරික්ෂක වාර්තා, නිතිපති උපදෙස් ප‍්‍රමාදය මේ අතර ප‍්‍රමුඛය.

අධිකරණ වල පවතින තදබදතාවය හේතුවෙන් සුලු ආරවුල් සමථ මණ්ඩල වලට යොමු කිරිම ආරම්භ කෙරුණේ 1990 වසරේදිය.

අතීතයේ පැරැන්නන් සුලු ආරවුල් විසඳනු ලැබුයේ වරිග සභාව මඟිනි. පසුව ඉංග‍්‍රිසි ආණ්ඩු සමයේදි ගම්සභා ක‍්‍රමය ස්ථාපිත කෙරුණි. එය 1945 වසරේදි අධිකරණයක් බවට පත් විය. ඉක්බිතිව අධිකරණ වල පවතින නඩු ප‍්‍රමාණය ඉහළ යාමත් අගිතියට පත් පුද්ගලයින්ට සාධාරණ සේවාවක් ඉටුකිරිමටත් සුලු ආරවුල් විසඳිමට සමගි මණ්ඩලය ආරම්භ විය. වසර 19 ක් පුරා ක‍්‍රියාත්මක කෙරුණු එය 1977 වසරේදි අහෝසි කර 1978 අංක 02 දරණ පවුල් උසාවිය පිහිටවනු ලැබිය.

නමුත් මේ පවුල් උසාවියේත් යම් යම් දුර්වලතා  පැන නැගුණු හෙයින් වඩාත් හොඳ සේවයක් ජනතාවට ලබා දිම වෙනුවෙන් 1988 අංක 72 දරණ සමථ මණ්ඩල පනත මගින් සමථ මණ්ඩල ක‍්‍රමය ස්ථාපිත කෙරුණි. ඒ අනුව 1990 ජුලි 18 වෙනි දින මෙම සමථ මණ්ඩලය ප‍්‍රථම වරට ක‍්‍රියාත්මක කර තිබේ.

සමථ මණ්ඩලයෙන් මොකද්ද වෙන්නේ ?

දෙපාර්ශවයක් අතර ඇති වන ආරවුලක් දුරදිග නොයවා තෙවන පාර්ශවයක් මැදිහත් විමෙන් සහ මන්ත‍්‍රණ ක‍්‍රියාවලියක් තුලින් නැවත එවන් ආරවුලක් ඇති නොවන මට්ටමට විද්‍යානූකූල පදනමකින් නිරවුල් කිරිම මෙහිදි සිදු කෙරේ.

ගැටුම් ආරවුල් විසඳා ගැනිමට භාවිතා කරන අධිකරණ ක‍්‍රමවේදය තුලදි එහි පැමිණෙන ජනතාව බොහෝ අපහසුතාවයට පත් වේ. ඊට විසඳුමක් ලෙස හා ගැටුම් නිරාකරණය කර ගැනිමට ඇති එකම මඟ අධිකරණය යන සාම්ප‍්‍රදායික මතයට විකල්පයක් ලෙස භාවිතා කළ හැකි සාර්ථක හා ඵලදායි ක‍්‍රමවේදයක් ලෙස සමථකරණය හැඳුන්වන බව සමථ මණ්ඩල කොමිෂන් සභාව පෙන්වා දෙයි.

සමථ මණ්ඩල කොමිෂන් සභාව පත් කෙරෙන්නේ කොහොමද?

ජනාධිපතිවරයා විසින් සාමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත සමථ මණ්ඩලයක් කොමිෂන් සභාවට පත් කරනු ලබයි.ඒ වසර තුනක ධුර කාලයක් සඳහාය.

සමථ මණ්ඩලයට පැමිණිලි යොමු වන්නේ කොහොමද?

මේ සඳහා අධිකරණයෙන් හෝ අදාල පොලිස් ස්ථාන ස්ථානාධිපතිවරුන් මගින් පැමිණිලි යොමු කරනු ලබයි.

සමථ මණ්ඩලයේ ප‍්‍රගතිය

මේ වන විට   දිවයින පුරා සමථ මණ්ඪල 332 ක් පිහිටුවා තිබේ. සෑම වසරකම ලක්ෂ 3 කට ආසන්න ආරවුල් ප‍්‍රමාණයක් සමථ මණ්ඩලය වෙත යොමු කෙරෙන අතර ඉන් සියයට හැටපහකට වැඩි ප‍්‍රතිශතයක් සමථ කරනු ලබයි.

ඉකුත් වසරේ ආරවුල් පිලිබඳ පැමිණිලි 248805 ක් ලැබි ඇති අතර, ඉන් ආරවුල් 83867 ක් නිරවුල් කර ඇත. ආරවුල් 124,668 ක් සාකච්ඡා කර තිබෙන අතර, විසඳිමේ ප‍්‍රතිශතය සියයට හැට හතක් බව සමථ මණ්ඩල කොමිෂන් සභාව පවසයි.

2019 ආරම්භ වන විට ආරවුල් 29074 ක් විසඳිමට තිබු බවද එහි වාර්ෂික සංඛාලේඛන වලින් පෙන්වා දෙනු ලබයි.

මෙම වසරේ ගත වු මාස හයක කාලය තුල ආරවුල් පැමිණිලි 73644 ක් ලැබි ඇති තිබේ. ගත වු කාලය තුල ආරවුල් 33730 ක් සාකච්ඡුා කර තිබෙන අතර

ආරවුල් 22478 ක් නිරවුල් කිරිමට හැකි වු බව සමථ මණ්ඩල කොමිෂන් සභාව පවසයි.

සමථ මණ්ඩලය පිලිබඳ ජනතාවට ඇති ගැටලු

සමථ මණ්ඩලයට පත් වන්නේ එකී ප‍්‍රදේශයේ වැදගත් යැයි සැලකෙන පුද්ගලයින්ය. මෙම පිරිසට මෙම සමථ මණ්ඩලයකට පත් විමට තරම්, එනම් සිය ගැටලු විසඳිමට තරම් අවශ්‍ය නිතිමය දැනුමක් පවතින්නේද යන්න සැක සහිතය.ඇතැම් විට ආරවුල් විසඳන ආකාරය තුලින් මේ බවට ඔවුන් මැසිවිලි නගති.

එමෙන්ම සමථ මණ්ඩලයේ විසඳිය නොහැකි ආරවුල් පවා සමථ මණ්ඩලයට යොමු කිරිමට පොලිසිය පියවර ගන්නා බවටද ජනතාව චෝදනා කරති. අධිකරණයෙන් විසඳුමක් ලැබිය යුුතු ආරවුල් සමථ මණ්ඩලයට යොමු කිරිමෙන් තමන්ගේ ශ‍්‍රමය, කාලය වැය වන බවත් නිසි විසඳුමකින් තොරව නැවත අධිකරණය වෙතම යොමු කෙරෙන බවටත් බොහෝ මැසිවිලි නැගේ.

-ශානිකා මාධවී පීරිස්-




2019-07-24
Advertisement

Find us on Facebook