English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


19 න් ස්වාධින කොමිෂන් සභා වලට මොකද වුනේ? - නිතිඥ ජගත් ලියනාරච්චි


19 න් ස්වාධින කොමිෂන් සභා වලට මොකද වුනේ? - නිතිඥ ජගත් ලියනාරච්චි

ස්වාධින කොමිෂන් සභා හා එහි බලතල සම්බන්ධයෙන් නිතිඥ ජගත් ලියනාරච්චි මහතා විසින් ඉදිරිපත් කරන ලද විග‍්‍රහය.

බොහෝ දෙනෙකු මේ දිනවල 19 වෙනි සංශෝධනය පිලිබඳ හොඳ මෙන්ම නරක පිලිබඳවද කථා කරති. ඒ පිලිබඳ විවේචනය කරන ඇතමුන් සඳහන් කර සිටින්නේ 19 ඉවත් කළ යුතු බවය. නමුත් ස්වාධින කොමිෂන් සභා පිලිබඳ කථා කිරිමේදි 19 වෙනි සංශෝධනය පැන ගිය විශාල ඉදිරි පිම්මක් ලෙස සඳහන් කළ හැකිය.

19 වෙනි සංශෝධනය නිසාම අලුත් කොමිෂන් සභා දෙකක් අපට එක් විය. එනම් විගණන කොමිෂන් සභාව හා ප‍්‍රසම්පාදන කොමිෂන් සභාවය. මේ දෙකම ඉතාම වැදගත් යහ පාලන අංග දෙකකි. මේ සභා දෙක රජය ජනතාවට වග විම තහවුරු කරන ආයතන ලෙස සැලකිය හැකිය. එමෙන්ම තවත් කොමිෂන් සභා කිහිපයකටම මෙම 19 වෙනි සංශෝධනය නිසා බලතල වැඩි විමක් සිදු විය. අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිෂන් සභාවට තම ස්ව කැමැත්ත මත විමර්ශන ආරම්භ කිරිම සඳහා වු බලතල මෙම සංශෝධනයෙන් අතිරේකව ලබා දිම මෙහිදි විශේෂයෙන් සැලකිය හැකිය. එමෙන්ම 18 වෙනි සංශෝධනයෙන් කප්පාදු කරන ලද බලතල කිහිපයක්ම මෙම සංශෝධනය නිසා මැතිවරණ කොමිෂන් සභාවට, රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ලබා දි තිබේ. මේ අයුරින් 19 වෙනි සංශෝධනය නිසා කොමිෂන් සභා වලට අතිරේක බලතල හිමි වුවත් මෙහිදි සිදු වු විශේෂම කරුණ වන්නේ කොමිෂන් සභා වල ස්වාධිනත්වය මේ හරහා ඇති විමය. 17 වෙනි සංශෝධනය යටතේ නොතිබුණු බලගතු ප‍්‍රතිපාදන 19 හරහා ඇති කර තිබේ. 17 වෙනි සංශෝධනයේ තිබුණේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව  මගින් නිර්දේශ කරන නම් ජනාධිපතිවරයා විසින් කොමසාරිවරුන් ලෙස පත් කල යුතු බවටය.

නමුත් එහිදි පෙනි ගිය කරුණක් වුයේ 17 වෙනි සංශෝධනය යටතේ මැතිවරණ කොමිෂන් සභාව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නිර්දේශ කලත් එවකට සිටි ජනාධිපතිවරිය එය පත් කලේ නැත. එවැනි අවස්ථාවක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ නිර්දේශ කිසිදු තේරුමක් නැති තත්ත්වයට පත් විය.       නමුත් 19 වෙනි සංශෝධනයේ ප‍්‍රතිපාදන මත ස්වාධින කොමිෂන් සභාවක් සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පරිදි නම් නිර්දේශ කළාට පසු ජනාධිපතිවරයා විසින් ඒ අයව පත් නොකර සිටියහොත් දින 14 කට පසුව ජනාධිපතිවරයා පත් කළා සේ සලකන බවට ප‍්‍රතිපාදන ඇතුලත් කර තිබේ. මෙම තත්ත්වය නිසා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ නිර්දේශයන්ගෙන් ජනාධිපතිවරයා අනිවාර්යෙන් බැඳෙන තත්ත්වයක් පවතියි. මේ ස්වාධින කොමිෂන් සභා වල ස්වාධිනත්වය ඉහළ දැම්මේ ක‍්‍රියාවලියක් ලෙස මම දකින්නෙමි. මේ අයුරින් ස්වාධින කොමිෂන් සභා ශක්තිමත් කිරිම සඳහා 19 වෙනි සංශෝධනය ඉතාමත් ඉහළ කාර්යයක් ඉටු කර තිබේ. ඇතැම් විට මෙම ස්වාධිනතාවය ඉහළ යාම අපගේ බොහෝ දෙනෙකුට තේරුම් ගැනිම අපහසු වි තිබේ. ඔවුන් රජයත් සමග කටයුතු කරන අවස්ථා වලදි ජනතාව බලාපොරොත්තු වන්නේ 17 වෙනි සංශෝධනයට පෙර තිබු දේශපාලනික බලපෑම නිලධාරින් වෙත එල්ල විය හැකි බවය. නමුත් එය වර්තමානයේ කළ නොහැකිය. මේ තත්ත්වය සමහර විට නරක තත්ත්වයක් බවට පත් විමටද ඉඩ ඇත. එනම් නිලධාරිවාදයක්, අධිකාරිවාදයක් ගොඩනැගමේ ප‍්‍රවණතාවයකුත් මෙහි දකින්නට හැකිය. එහෙයින් එය පාලනය කිරිම සඳහා ප‍්‍රතිපාදන සකස් වෙනවාටත් වඩා සුදුසු අය ඒ තනතුරු වලට යැවිම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ කාර්යභාර්යකි.

 -සැකසුම-ශානිකා මාධවී පීරිස්-

වීඩියෝව පහතින්....





2019-07-24
Advertisement

Find us on Facebook