English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මාස 7 ට පැමිණිලි 1738 ක්!


මාස 7 ට පැමිණිලි 1738 ක්!

අල්ලස් හා දුෂණ සම්බන්ධව මෙම වසරේ ගත වු කාලය තුල පමණක් පැමිණිලි 1738 ක් පැමිණිලි ලැබි ඇති බව අල්ලස් හා දුෂණ චෝදනා විමර්ශන සභාව පවසයි. මින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබි ඇත්තේ දුෂණ ක‍්‍රියා සම්බන්ධයෙනි. ඊට පැමිණිලි 720 ක් ලැබි තිබේ.

මෙම වසරේ ජනවාරි 01 දා සිට ඉකුත් ජුලි 15 දා දින තෙක් මෙම පැමිණිලි ලැබි ඇත. මෙහිදි අල්ලස් සම්බන්ධයෙන් පැමිණිලි 234 ක්ද, අයුතු වත්කම් ඉපයිම් සම්බන්ධයෙන් පැමිණිලි 76 ක්ද ලැබි තිබේ.මෙහිදි පැමිණිලි 1066 ක් සම්බ්නධයෙන් වැටලිම් 36 ක් සිදු කර තිබේ. කොමිෂන් සභා පනතට අනුකූල නොවන බැවින් වැඩිදුර කටයුතු කිරිම සඳහා වෙනත් අයාතන වෙත පැමිණිලි 177 ක් යොමු කර ඇති අතර පනතට අනුකූල නොවන ,ප‍්‍රමාණවත් කරුණු නොතිබිම,අපහැදිලි බව නිසා පැමිණිලි 363 ක් වසා දැමිමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් තිරණය කර තිබේ.

වැඩිදුර විමර්ශනය කිරිමට ගන්නේද ?නැද්ද? යන්න තිරණය කිරිම සඳහා පැමිණිලි 132 ක් මේ වන විට පවතින බවද අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

-ශානිකා මාධවී පීරිස්-




2019-07-23
Advertisement

Find us on Facebook