English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


නඩු ප්‍රමාදය වැලැක්වීමට ඩොලර් මිලියන 94.55 ක්!


නඩු ප්‍රමාදය වැලැක්වීමට ඩොලර් මිලියන 94.55 ක්!

ශ්‍රී ලංකාවේ අධිකරණයන් හි පවතින නඩු ප්‍රමාදයන් පිළිබදව මුලු සමාජයේම අවධානය මේ වන විට යොමු වී තිබේ. සාමාන‌යෙන් ලංකාවේ අපරාධ නඩුවක් අවසන් කිරීමට ගතවන කාලය අවුරැදු 15 බව විනිසුරැ බුවනෙක අලුවිහාරේ මහතා විසින් පසුගිය දා නිකුත් කල වාර්තාවක සදහන් වේ. ඒමේන්ම  මූලික අයිතිවාසිකම් නඩුවක් අවසන් කළ යුතු කාලය මස 2ක් බව අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් වුවද වර්තමානයේ ඒ් සදහා ගන්නා කාලය අවුරැදු 1 සිට අවුරැදු 12 දක්වා දීර්ඝ වේ.

මෙවැනි නඩු ප්‍රමාදයක් පවතින රටක යුක්තිය සාධාරණත්වය පමණක් නොව ඒ රටේ දියුණුවට හා සංවර්ධනයට ද මූලික ලෙස බලපායි. අධිකරණයන් හරහා තම ගැටලුව විසදා ගැනීමේ ක්‍රමය වෙනුවට තම පුද්ගලික සම්බන්ධතා හෝ වෙනත් අනීතික ක්‍රමයන්ගෙන් ගැටලු විසදා ගැනීමට ඒවැනි සමාජයක් පෙළබේ. අල්ලස, දූෂණය සමග රට තුළ අපරාධ ලෝකයක් බිහිවීම නොවැලැක්විය හැකි වනු ඇත.    

මේසේ බරපතල ලෙස නඩු ප්‍රමාද වීමට හේතු ගණනාවක් බලපානු ලබන අතර, ලංකාවේ පිහිටි අධිකරණ ප්‍රමාණ ප්‍රමාණවත් නොවීම, ඒම අධිකරණ ශාලාවල ඉඩ කඩ ප්‍රමාණවත් නොවීම, දැනට සිටිනා විනිසුරැවරැන් ප්‍රමාණ නොවීම,  නවීන තාක්ෂණය උපයෝගී කර නොගැනීම, අනෙකුත් අධිකරණ කාර්ය මණ්ඩලයන් ප්‍රමාණවත් නොවීම ඒහි මූලික අඩුපාඩු ලෙස දැක්විය හැක.

මෙයට පිළියමක් ලෙස කොළඹ අලුත්කඩේ අධිකරණ සංකිර්ණ වල පවතින ඉඩකඩ ප‍්‍රමාණවත් නොවිම හා ඒවා අබලන් තත්ත්වයේ පැවතිම නිසා අක්කර හයක භුමියක නව අධිකරණ සංකිර්ණයක් ඉදි කිරිමට අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශය මේ වන විට පියවර ගෙන තිබේ.

ඩොලර් මිලියන 94.55 ක මුදලක් වැය කරමින් තට්ටු 12 කින් යුත් අධිකරණ ශාලා 40 කින් යුත් ගොඩනැගිල්ලක්ද, අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශය වෙනුවෙන් තට්ටු අටක ගොඩනැගිල්ලක්ද, විනිසුරුවන්ගේ පුහුණුවිම් සඳහා තට්ටු අටක ගොඩනැගිල්ලක්ද, තට්ටු අටකින් යුත් නිති මධ්‍යස්ථානයක්ද මේ අනුව ඉදිකිරීමට සැලසුම් කර තිබේ.




2019-07-23
Advertisement

Find us on Facebook