English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


පාස්කු ප‍්‍රහාරයෙන් මිය ගිය විදේශිකයින්ගේ වන්දි ලබාගෙන නොමැත.


පාස්කු ප‍්‍රහාරයෙන් මිය ගිය විදේශිකයින්ගේ වන්දි ලබාගෙන නොමැත.

පාස්කු ඉරිදා සිදු වු බෝම්බ ප‍්‍රහාර මාලාවෙන් වින්දිත තත්ත්වයට පත් වුවන්ට මේ වන විට රුපියල් මිලියන 265 ක වන්දි මුදලක් ගෙවා ඇති බව අග‍්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

ඉකුත් අප්‍රේල් 21 දා සිදු වු පාස්කු ප‍්‍රහාරයෙන් පුද්ගලයින් 263 කු මරණයට පත් විය.පුද්ගලයින් 503 කු තුවාල ලැබිය. ප‍්‍රහාරයෙන් මාස තුනක් ගත  වනවිට මිය ගිය පුද්ගලයින් 201 කු සඳහා රුපියල් මිලියන 199 ක්ද, තුවාල වු පුද්ගලයින් 442 කුට රුපියල් මිලියන 66 ක්ද හානි පුර්ණ කාර්යාලය විසින් ගෙවා අවසන් කර තිබේ.

ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් මිය ගිය විදේශිකයින් 43 නා සම්බන්ධයෙන් වන්දි මුදල් ගණනය කර ඇති අතර, මෙතෙක් එය කිසිවෙකුත් ලබා ගෙන නොමැත.

එමෙන්ම ත‍්‍රස්ත ප‍්‍රහාර වලින් හානියට පත් වු දේවස්ථාන නැවත ඉදි කිරිම වෙනුවෙන් ජාතික ප‍්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරිම සහ පුනරුත්ථාපන ,උතුරු පළාත් සංවර්ධන හා තරුණ කටයුතු අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 25 ක මුදලක් යුද හමුදාව හා නාවික හමුදාව වෙත අත්තිකාරම් වශයෙන් ලබා දි තිබේ.




2019-07-22
Advertisement

Find us on Facebook