English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


"මහජනයා අපේක්ෂා කරන දේශපාලඥයෝ පිරිසක් මේ රටේ ඉන්නවා" - පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ


"මහජනයා අපේක්ෂා කරන දේශපාලඥයෝ පිරිසක් මේ රටේ ඉන්නවා" - පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ

කොළඹ -නුවර ප‍්‍රධාන මාර්ගයේ කළගෙඩිහේන ප‍්‍රදේශයේදි ප‍්‍රභූ රැකවලුන් දෙදෙනෙකු වෑන් රථ රියදුරෙකුට අමානුෂික ලෙස පහර දිමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කර තරා තිරම නොබලා සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රි මහාචාර්ය ආශු මාරසිංහ මහතා පසුගිය 19 වනදා  වැඩබලන පොලිස්පතිවරයා වෙත ලිඛිත පැමිණිල්ලක් කර තිබේ.

කළගෙඩිහේන ප‍්‍රදේශයේදි ඩිපෙන්ඩර් රථයකට හා ප‍්‍රාඩෝ රථයකට ඉස්සර විමට ඉඩ නොදුන් බව පවසා බැන වදිමින් වෑන් රථයක රියදුරෙකුට පහර දෙන විඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය වල සංසරණය වෙමින් පවතියි. මෙම සිද්ධිය ඉකුත් 16 දා සිදුව ඇත.

මේ සම්බන්ධයෙන් 119 හදිසි ඇමතුම් අංශයට පැමිණිල්ලක් ලැබි ඇති අතර ඒ අනුව විමර්ශන කල නිට්ටඹුව පොලිසිය විසින් මෙම අදාල සැකකාර රථ දෙක ඉංගිරිය ප‍්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් ඒවා බව හඳුනාගෙන තිබේ.

මෙවැනි සිද්ධින් නිසා මහජනතාව දේශපාලඥයින් පිලිබඳ ගොඩ නගා ගනු ලබන්නේ යහපත් ආකල්පයක් නොවන බවත් මෙවන් ක‍්‍රියාකාරකම් නිසා මින් ඉදිරියට බලපුලුවන්කාරකමින් ,චණ්ඩිපාට් වලින්,මිරිස් කුඩු ගසා ,අතපය කඩා මැර බලයෙන් දේශපාලනය කිරිමට බලාපොරොත්තු වන අයට නම් ඉඩක් නොලැබෙන බවද පාර්ලිමේන්තු මන්ත‍්‍රි මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසයි.

මේ වනවිට CCTV කැමරා අංශය මගින්ද විමර්ශන අරඹා ඇති බව පොලිස්පතිවරයා විසින් තමන්ට දැන්වු බවත් කෙසේ නමුදු මෙහි විමර්ශන කඩිනම් කර සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට ක‍්‍රියා කරනු ඇති බවට තමන් විශ්වාස කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.

 වීඩියෝව පහතින්....





2019-07-21
Advertisement

Find us on Facebook